ක්‍රිශාන්ත කුරේ නිසා අනුර – ජවිපෙ ගැටුමක්!
1 min read
නීතිඥ ක්‍රිෂාන්ත කුරේ පිළිබඳව සෝමවංශ අමරසිංහ (ජ.වි.පෙ. හිටපු නායක) ජීවතුන් අතර සිටිය දී කියා සිටියේ ඔහු ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු සපයන්නකු බවය. එම නීතිඥ ක්‍රිෂාන්ත කුරේ මේ වන විට ආණ්ඩුවේ සියලු පත්කිරීම් පිළිබඳ තීරකයා බවට පත්ව තිබේ
වැඩි වශයෙන් මැලේසියාවේ වාසය කරන ඔහු, තමන්ට අයත් රාජගිරියේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස ආණ්ඩුවේ ඇමතිවරුන්ට නිදහසේ, සුවසේ කාලය ගත කිරීම සඳහා ලබාදී තිබේ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, සුනිල් වටගල, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, ඇතුළු ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් එම නිවාස තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගනු ලබයි. විජිත හේරත් ඇමතිවරයා ද ඔහු සමග බොහෝ සමීපව ඇසුරු කරන අයෙකි.
නීතිඥ උපුල් කුමාරප්පෙරම මෙන්ම ශානි අබේසේකර වැනි අය ද ජනාධිපතිවරයා සමග ක්‍රිෂාන්ත කුරේ සමීපව ඇසුරු කිරීම ප්‍රශ්නයක් කොට සලකනු ලබති. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙක් ද එම ඇසුරට සිය විරෝධය පළ කර තිබේ.
කවර විරෝධයක් මැද වුව ද මේ වන පුරප්පාඩු වී පවතින ඉතා වැදගත් රාජ්‍ය ආයතන බොහෝමයක පත්කිරීම් සිදුවන්නේ ක්‍රිෂාන්ත කුරේට උවමනා අයුරිනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දුෂාන්ත බස්නායක දැමීමට සැරසෙන්නේ ද ඔහුගේ මග පෙන්වීම අනුව බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර සඳහා ද පරාක්‍රම දිසානායක පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ක්‍රිෂාන්ත කුරේගේ උවමනාවට අනුවය.
මේ පිළිබඳව ටිල්වින් ඇතුළු ජ.වි.පෙ. ඉදිරි පෙළ නායකයන් අතර ඇතිවී තිබෙන අසහනය ඉදිරියේදී පුපුරා යනු ඇතැයි එම පක්ෂයේම ජේෂ්ඨයෙකු අප හා පැවසුවේ ය.
සඳමාලි සමරතුංග
අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!
