March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බිල් ගේට්ස් ලාල්ව මිල දී ගනී!

1 min read

කළු කෝට් කාරයන්ට, ජාතික ඇඳුමින් සැරසුන උන්ට හා සිවුර ගතලා ගත් අයට පහර පිට පහර දෙන අයුරු ප්‍රකාශ කළ, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත බිල් ගේට්ස් නැමැති ඇමෙරිකානු ට්‍රිලියනපතියා විසින් මිල දී ගෙන තිබේ. ඒ බව අනාවරණය වන්නේ බිල් ගේට්ස් වෙත අයත් Gates Foundation හෙවත් ගේට්ස් පදනමේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් දත්ත ඩිජිටල්කරණයට අදාළ වැඩසටහනක් ලාල් කාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමත් සමඟිනි.

‘Gates Foundation’ යනු ජාන විකෘති කරන ලද කෘෂිකර්මාන්තය හා සත්ත්ව නිෂ්පාදන පිළිබඳ බොහෝ චෝදනා එල්ල වී තිබෙන බිල් ගේට්ස්ට අයත් පෞද්ගලික අරමුදලකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ද විශාල වශයෙන් ආධාර ලබාදෙන ඔහු, එමඟින් සිය ඖෂධ නිෂ්පාදන සඳහා මහා පරිමාණ වෙළඳපොලක් නිමවා ගැනීම සිදුකරයි. බිල් ගේට්ස් යනු ඇමරිකා එක්සත් ජනපදයේ ”ෆෙඩරල් රිසව්” හිමි රොක් ෆේලර් රෝත්ස් ඩයිල්ට් හා මෝගන් වැනි පවුල් සමඟ එක්ව එරට ”ඩීප් ස්ටේට්” හෙවත් ”ගැඹුරු රාජ්‍යය” මෙහෙයවනු ලබන සුළු පිරිසෙන් කෙනෙකි. ජෝන් ඩී. රොක්ෆෙලර් යනු ලොව කනිජ සම්පත් පාලනය කරනු ලබන විශාලතම සමාගම් හිමිකරුවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගනිමින් ග්‍රීන් ලන්තය අත්පත් කර ගැනීමට කුරුමාණන් අල්ලනුයේ ද, එහි ඇති වටිනා ඛනිජ සම්පත් කොල්ල කෑම සඳහා ඩී. රොක්ෆෙලර් ය.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව හකුළා ගනියි! විමල් නැගිටියි!

බිල් ගේට්ස් හා ජෝර්ජ් සෝරෝස් වැනි ඉහළ පෙළේ ධනපතීන් ”ගැඹුරු රාජ්‍යයේ” උවමනාවන්ට අනුව ක්‍රියා කරන්නවුන් වෙති. ලොව ප්‍රබල මාධ්‍ය, චිත්‍රපට, අවි ආයුධ, ඖෂධ, සිගරැට්, මත්ද්‍රව්‍ය, පළිබෝධනාශක, පොහොර, බීජ, ආහාර නිෂ්පාදන සමාගම් බහුතරයක පාලනය ඇත්තේ ඔවුන් සතුව ය.

කොවිට් වසංගතය ඇතිවීමට පෙර එවැනි වසංගතයක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා කල් තබා වැක්සීන් නිපදවනු ලැබුවේ ද බිල් ගේට්ස්ගේ ඖෂධ සමාගම විසිනි. මේ වන විට ලොව පුරා කෘෂිකර්මාන්තයට අදාල පාලනය තම ආධිපත්‍ය යටතට ගැනීම ඇමරිකානු “ගැඹුරු රාජ්‍යයේ” අවශ්‍යතාවට අනුව බිල් ගේට්ස් කටයුතු කරමින් සිටි. ඒ සඳහා දැනට පවත්නා දත්ත එක් රැස්කිරීමත්, ඒ මත පදනම්ව උපාය උපක්‍රම සැකසීමත් ඔවුන්ගේ අරමුණ වී තිබේ.

පසුගිය දා ලාල් කාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් සියලුම දත්ත ඩිජිටල්කරණයට ලක් කිරීමේ නාමයෙන් ”ගෙට්ස් පදනම” සිදු කරන ලද්දේ ද ඉතා සංවේදී දත්ත සිය පාලනය යටතට ගැනීමය. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍යයන් ගණනාවක අක්කර දහස් ගණන් ඉඩම් හිමිකරගෙන ඇති බිල් ගේට්ස් ශ්‍රී ලංකාව වැනි ජල සම්පතින් අනූන, පොහොර පාවිච්චියෙන් ද තොරව වගා කිරීමේ හැකියාව හිමිකරගෙන ඇති රටවල් කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කරගෙන තිබේ. යුක්‍රේනය ද ඔවුන්ගේ එම අවධානය දිනාගෙන ඇති තවත් රටකි.

ජනප්‍රිය පුවත්  සැ: 21ට පෙර පළාත් සභා තියනු! ඉන්දියාව අණ කරයි!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම තනතුරේ වැඩ බාරගත් වහාම ‘ගෙට්ස් පදනමේ’ මෙරට ප්‍රධානීන් ඇය හමු වී සාකච්ඡා පවත්වා තිබුණි. ලාල් කාන්ත අමාත්‍යවරයා ගේට්ස් උගුලට හසුවන්නේ ඉන් අනතුරුව ය.

සිවුරට, කළුකෝට් එකට හා ජාතික ඇඳුමට එරෙහිව යුධ වැද සිටින ලාල් කාන්ත ඇමතිවරයා බිල් ගේට්ස්ලා හමුවේ පුංචි හාවකු බවට පත්ව ඇත්තේ ඉතා කණගාටුදායක අයුරින් බව ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රකාශ කර තිබේ.

ගේට්ස් පදනමේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් දත්ත ඩිජිටල්කරණයට අදාළ වැඩසටහනක් ලාල් කාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්
ජනපති අනුර දිසානායක ගේට්ස් පදනමේ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාව
පෝෂණය සහ ඩිජිටල් අධ්‍යාපනය නංවාලීම සඳහා අගමැති හරිනි අමරසූරිය ගේට්ස් පදනම සමග පැවති සාකච්ඡාව

ජයන්ත හේවාගම lankaundergroundnews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x