March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්!

1 min read

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ගල් අඟුරු ලබා ගැනීමේ ටෙන්ඩර් ජාවාරම පැලවත්තේම ගේමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (22) පැවසීය.

විමල් වීරවංශ සිය පක්ෂ කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගල් අඟුරු ජාවාරම පිටුපස සිටින්නේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් බවය.

එහිදී ඔහු මෙම නොරොච්චෝල ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

‘‘මේ ගල් අඟුරු ජාවාරම පිටුපස සිටින රජයේ ප්‍රබල අමාත්‍යවරයා පසුගිය දවසක චීනය බලා ගිහින් පකිස්තානය බලා ගියා. ඒ හරහා මේ බාල ගල් අඟුරු ජාවාරමට පූර්ව සාකච්ඡා සිදු කළා. ඒ පූර්ව සාකච්ඡාවලට අනුව තමයි මේ ටෙන්ඩරයට අදාළ කොන්දේසි ප්‍රමිතිකරණය වෙනස් කළේ. ඒ අනුව කලින් තිබුණ ටෙන්ඩර් කොන්දේසි අනුව මෙට්‍රික් ටොන් මිලියන එකයි දශම බිංදුවක් ගල් අඟුරු සපයලා තියෙන්න ඕන. මේ සඳහා ඉදිරිපත්වන ඕනම සමාගමක් ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන එකයි දශම බිංදුවක් ගල් අඟුරු කලින් සපයලා තියෙන්න ඕන. ඒක තමයි ටෙන්ඩරය ගන්න ප්‍රධාන සුදුසුකම. නමුත් මේ ගේන ටෙන්ඩරයේදි හැමදාම තිබුණ ටෙන්ඩර් වගන්තියේ කොන්දේසි වගන්ති වෙනස් කළා. ඒකට මෙට්‍රික් ටොන් මිලියන එකයි දශම බිංදුවක් කොන්දේසිය මෙට්‍රික් ටොන් ලක්ෂයට බැස්සුවා. ඒ බැස්සුවේ මේ සමාගමේ සුදුසුකම්වලට හරියන විදිහට ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරන්න. ඒ බාල ගල් අඟුරු දකුණු අප්‍රිකාවෙන් අරගෙන ඉන්දියානු සමාගමක් වේශයෙන් මෙරටට පටවන්න ඕන හොරකමට තක්කඩිකමට ඒක කළේ.”

ජනප්‍රිය පුවත්  මිද්දෙනියේ ‘‘කෙමිකල්“ අයිස් නොවේලු!

පොහොර නැවේ රිපෝට් එක දුන්න එක්කෙනා දැන් කෘෂිකර් අමාත්‍යංශයේ ලේකම්

“මේක පැලවත්තේ අරමුදල තර කරන ගේම් එකක්. අර චීන පොහොර නැවේ රිපොර්ට් එක දීපු කෙනා දැන් කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම්. මේ අය කියනවා මේ රටේ ලැබ් එකෙන් දීපු රිපොර්ට් එක පිළිගන්න බැහැ කියලා. ඒ කියන්නේ බාල ගල් අඟුරු පාවිච්චියට ගන්න ඉන්දියාවෙන් හරි තූත්තුකුඩියෙන් හරි කීයක් හරි වියදම් කරලා තමන්ට ඕන රිපෝර්ට් එක ගේන්න මේ අය හදන්නෙ. මේ හොරකමේ මුළු බර වැටෙන්නේ මේ රටේ විදුලිය පාරිභෝගිකයාට. බාල ගල් අඟුරු දාලා මැෂින් කැඩුණහම ඒවට ගෙවන්න වෙන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට.’’

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x