March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමලිංගික වෙබ් අඩවි ඇතුළත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාව හකුළා ගෙන! ඉන්දීයාවේ මාධ්‍යවලත් ප්‍රධාන පුවතක්!

1 min read

සමලිංගික වෙබ් අඩවි සඳහා ප්‍රවේශ වීමේ ලින්ක් ඇතුළත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ‘ First Post’ ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර තිබෙනවා.

එම පුවතින් පෙන්වා දෙන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමලිංගික වෙබ් අඩවි ඇතුළත් කිරීම හේතුවෙන් දෙමවිපියන් හා සමාජ ක්‍රියාකාරින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හමුවේ රජය ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බවයි.

විරෝධයට හේතු වූ වැඩිහිටි අන්තර්ගතයන් ඇතුළත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවට අදාළ විෂය නිර්දේශයේ බවද එහි සඳහන්ය.

බලධාරින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ අදාළ වෙබ් අඩවියට පිවිසීම තහනම් කර ඇති අතර එම ලින්ක් පෙළ පොත්වලට ඇතුළත් කිරීම පිළිබඳ අපරාධ විමර්ශනයක් ද මේවන විට ආරම්භ කර ඇති බවයි එහි සඳහන් වෙන්නේ.

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරියද වන හරිනි අමරසූරිය ධුරයෙන් ඉවත් විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතින බව ද එහි දැක්වෙනවා.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  2025 මාස 11ට පාරිභෝගික භාණ්ඩ ආනයනයට ඩො.මි. 4908ක් වැයකරලා!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x