March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හයේ පොතේ ගැටළුවට පිරිසකගේ වැඩතහනම්…? කඩදාසි ගෙනා පුද්ගලයා සහ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු බේරෙයි…?

1 min read

ප්‍රශ්නගත ඉගෙනුම් මොඩියුල සකස් කිරීමේදී සිදුවූ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, මීට සෘජුවම වගකිව යුතු බවට හඳුනාගත් නිලධාරීන් පිරිසකගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම පිරිස අතර ඉහළ නිලතල හොබවන නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

හිටපු ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ විමර්ශනයක නිර්දේශ මත මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

අදාළ වාර්තාව පසුගිය 17 වැනිදා පැවැති ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පාලක සභා රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත.

මෙම සතියේදී ද පාලක සභාව යළි රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී විමර්ශන වාර්තාවේ සෙසු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, එම සාකච්ඡාවලට පෙර වගකිවයුත්තන්ගේ සේවය අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

ප්‍රශ්නගත මොඩියුල සකස් කිරීමේදී අදාළ නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියාකලාපය සහ නොසැලකිලිමත් බව හේතුවෙන් මෙම ගැටලුව මතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ජනප්‍රිය පුවත්  පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට අයත් ගල් පාලමක් පුනරුදයෙන් විනාශ කරලා!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x