March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පඬු­ක­රඳ ගසේ වන්දිය ලෙස මිලි­යන 980ක්

1 min read

මධ්‍යම අධි­වේගි මාර්ගය ඉදිකිරී­මේදී ගම්පහ දාර­ළුව දුම්රිය ස්ථානය ආස­න්නයේ තිබූ පඬුකරද ගස ඉවත් නොකි­රී­මෙන් තම ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනු­වෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්. රත්නා­යක පවසා ඇත.

මේ මාර්ගය ඉදිකිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණ­නය කර­මින් තිබෙන බවයි. පඬු­ක­රඳ ගස නිසි වේලා­වට ඉවත් කිරී­මට නොහැකි වීමෙන් පම­ණක් මෙසේ රු. මිලි­යන 1000කට ආසන්න මුද­ලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැ­ම්බර් දක්වා කිසිදු ඉදිකිරී­මක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහි­ප­යක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමා­ගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවි­ත­යට සකස් කිරී­මට ඔවුන්ට මාස 3ක පමණ කාල­යක් ඉල්ලා සිටි බවත් ඔහු පෙන්වා දුන්නේය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  රිලා දූපත උපකල්පනයක්! ප්‍රායෝගික නෑ - මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x