March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තඹුත්තේගම පොහොට්ටුවේ රැස්වීමට පොලීසියෙන් බාධා!

1 min read

තඹුත්තේගම නගරයේ අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් සඳහා සැරසිලි සිදු කරමින් සිටි පිරිසකට ඊයේ (16) රාත්‍රියේ තඹුත්තේගම පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු පිරිසක් පැමිණ එම සැරසිලි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්හ.

මෙම ජන හමුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලාවැව ආසනයේ නියෝජිතයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා, එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ බව පොදු ජන පෙරමුණ සඳහන් කළේය.

තඹුත්තේගම නගරයේ පෙර සිටම විවිධ දේශපාලන පක්ෂ රැස්වීම් සඳහා කොඩි සහ සැරසිලි සිදු කළ බවත් , වර්තමානයේ නීති දෙකක් ක්‍රියාත්මක වන්නේද? , ආණ්ඩුවේ බලපෑමක් යටතේද මෙම ක්‍රියාව සිදු කරන්නේද යන්න සැරසිලි කරමින් සිටි ජනතාව මෙහිදී ප්‍රශ්න කළහ.

ඊට ප්‍රතිචාර දක්වමින් උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ නගරය තුළ කොඩි සහ සැරසිලි නොදමන ලෙස දැනුම්දී, ඇති බවත් එම සැරසිලි ඉවත් කරනවාද නැතිනම් තමන් විසින් ඉවත් කර දමන්න ද යනුවෙන්ය

ජනප්‍රිය පුවත්  සෑම මසකටම රු: බිලියන 180 බැගින් ණය බර ඉහළට

එහිදී සැරසිලි කරමින් සිටි පිරිස එම සැරසිලි ඉවත් කරන ලෙස දැනුම් දීමට හේතුව කුමක්ද යන්න විමසූ අවස්ථාවේදී, උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ නගරය තුළ කොඩි දැමීම සදහා නීතිමය අවසර ලබා ලබා ගෙන තිබෙනවා ද යනුවෙන්ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x