January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා වන්දි ගෙවන්න බෑ: උපදෙස් අවුල්! ප්‍රාදේශීය ලේකම්වරු ඉහළට ලියයි

1 min read

පසුගිය දා ඇති වූ ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීමට සහ නායයෑම අධි අවදානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම ගැටලු ඇති වෙමින් තිබෙන බව ත් මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය හා රජයේ ගණකාධිකාරි සේවා සංගමය ආරක්ෂක ලේකම්වරයාට ලිපි යොමු කර තිබේ.

මෙම ලිපිවල පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට, විගණකාධිපතිවරයාට හා සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ බව ද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

සුළි කුණාටුව හේතුවෙන් රට තුළ බොහෝ පිරිසක් ආපදාවට ලක් වූ බව ත් විශාල පිරිසකට තම ජීවිත ද, ජීවිත කාලය තුළ උපයාගත් දේපළ ද අහිමි වූ බව ත් එසේ ආපදාවට ලක්වූවන් නිසි පරිදි තෝරා ගෙන රජයේ මුදල් අවභාවිත නොවන ලෙස වන්දි ගෙවීම් සිදු කිරීමට අප වෙත වගකීමක් ඇති බව ද ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ‍.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි රත්නපුර සහ යටියන්තොට සභා අයවැය පරාදයි!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x