January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ තත්ත්වය ගැන රජයේ ස්ථාවරය මෙන්න

1 min read

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති වලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන පක්ෂ අතර විවිධ මත තිබිය හැකි නමුත් ආණ්ඩුවක් යම් කිසි මතයක් පල කරන්නේ රටක පක්ෂ විපක්ෂ සියලු පාර්ශව නියෝජනය කරමින් බවය.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න සඳහා අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුණි.,

(ප්‍රශ්නය – විදේශ කටයුතු ඇමතිතුමා, දැන් අපි දැක්කා අමෙරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා වෙනිසියුලාවට අත නොතබමු කියලා. මම රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි කෙටියෙන්. මොකක්ද මේ සම්බන්ධයෙන් කියලා.

ජනප්‍රිය පුවත්  BR එන්නේ නෑලු!

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව ජාත්‍යන්තර නීති වලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම තමයි අනිවාර්යෙන් කල යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳිලා ඉන්නවා. ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවලා තියෙනවා. අපේ පැත්තෙනුත් අපි ඒකට ඒක ඉක්මන් කරන්න කියලා අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ මේ මූලික ප්‍රඥප්තිවලට පටහැනිව ප්‍රතිපත්ති වලට, මූලධර්ම වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය.,

ප්‍රශ්නය – ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩය නිවේදනයක් දලා තිබුනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හෙළා දකිනවා කියලා.

” දේශපාලන පක්ෂ වලට වෙන වෙන ස්ථාවර තියෙනවා. රජයේ ස්ථාවරය අපි මේ පැහැදිලි කරනවා .”

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයම ද ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙලාවේ.

” නෑ. දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒක වෙනස්. “

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ හින්දා මම ඇහුවේ.

ජනප්‍රිය පුවත්  බළංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වේ!

ආණ්ඩුව කියන්නේ මේ රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරන. ඒ අර්ථයෙන් තමයි අපි මේක කියන්‍ෙනෙේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x