January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුදු අලි නඩත්තුවට මිලියන හාරලක්ෂ තිස්පන්දහසක්.!

1 min read

මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙන පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

චක්‍රලේඛවලට පටහැනිව ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත නිලධාරීන්ගේ ඉන්ධන දීමනා වැඩිකර ගැනීම, අනෙකුත් ආකාරයේ සාධාරණ නොවන දීමනා ලබා ගැනීම් සහ නිවාස කුලී දීමනා ලබා ගැනීම ආදිය සිදුකර ඇති බව ද 2024 වර්ෂයට අදාළ වාර්තාවක් නිකුත් කරමින් විගණන කාර්යාලය සඳහන් වෙයි.

2024 වර්ෂය සඳහා භාණ්ඩාගාරය විසින් පළාත් සභා 09ට ලබා දී ඇති මුදල රුපියල් මිලියන හාරලක්ෂ තිස්හත්දහස් තුන්සිය හැටපහකි. ඒ අනුව පළාත් සභා 09යේ මුළු ආදායමින් සියයට අසූතුනක් රජය මගින් ලබා දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x