January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා කුරානය මත අත තබා දිවුරුම් දේ

1 min read

2026 වර්ෂයේ උදාවත් සමඟ ඩිමොක්‍රටික් පාක්ෂික සොහ්රාන් මම්ලානි නිව්යෝර්ක් නගරයේ නගරාධිපති වශයෙන් ඓතිහාසික, උමං දුම්රිය ස්ථානයකදී දිවුරුම් දී තිබේ.

මම්ලානි ඇමරිකාවේ විශාලතම නගරයේ පළමු මුස්ලිම් නායකයා ලෙස කුරානය මත අත තබා දිවුරුම් දුන් අතර, 34 හැවිරිදි මම්ලානි නගරයේ පළමු මුස්ලිම් නගරාධිපති වීමට අමතරව, දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු වැන්න සහ අප්‍රිකාවේ උපත ලැබූ පළමු පුද්ගලයා ද වේ. ඔහු පරම්පරා ගණනාවකින් නගරයේ ලාබාලතම නගරාධිපතිවරයා ද වේ.

දිවුරුම් දීමෙන් අනතුරුව සිය ජනයා අමතමින් නව නගරාධිපතිවරයා සඳහන් කර තිබුණේ, මෙය සැබවින්ම ජීවිත කාලය පුරාම ලැබුණු ගෞරවයක් සහ වරප්‍රසාදයක් බවයි.

සිය දේශපාලන ගමන් මඟ තුළ වඩාත්ම මිල අධික නගරවලින් එකක ජීවන වියදම අඩු කිරීම, නොමිලේ ළමා රැකවරණය, නොමිලේ බස් රථ, නිවාස මිලියනයක් පමණ සඳහා කුලී කැටි කිරීම සහ නගරය විසින් පවත්වා ගෙන යනු ලබන සිල්ලර වෙළඳ සැල්වල ගුණාත්මක නියාමනයක් ඇති කිරීම අදහස් කරන ප්‍රතිපත්ති සමඟ පරිවර්තනීය වෙනසක් ගෙන ඒමට ඔහු සිය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වී ඇත.

ජනප්‍රිය පුවත්  ලංකාවට ආසන්න මුහුදේදී චීන නැවක් ඇමෙරිකාවේ අත්අඩංගුවට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x