January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අළුත් අවුරුදු තෑග්ග! විදුලිය ගාස්තු 11.7% කින් ඉහලට!

1 min read

ලංකා විදුලිය බල මණ්ඩලය පසුගිය වර්ෂයේ දෙසැම්බර් 30 මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇත්තේ ජනවාරි සිට ඇරඹෙන මාස තුන සඳහා 11.7% කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට අනුමැතිය දෙන ලෙසය. එම ඉල්ලීම සිදුකරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන නිර්ණායක අනුව බව ද අදාළ ඉල්ලීමෙහි දක්වා තිබේ.

2025 වසරේදී ලංකා විදුලිය බල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 470 කි. 2024 ලැබූ අධික ලාභය බිලියන 147කි. එහෙත් පසුගිය වසර තුළ රුපියල් බිලියන 7 ක අලාභයක් විදුලිය බල මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ. ඊට අමතරව ‘දිට්වා’ සුළි කුණාටුව තුළින් විදුලිය බල මණ්ඩලයට ඇතිවී ඇති හානියේ වටිනාකම ලෙස රුපියල් බිලියන 20ක් දක්වා තිබේ. මෙම ඇති වූ හානියේ වටිනාකමින් 60% අයකර ගැනීමට සැරසෙන්නේ විදුලිය බිල වැඩි කිරීම හරහා විදුලිය පරිභෝගිකයන් මගිනි.

ශ්‍රීයානි මනතුංග lankaundergroundnews.com

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x