January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිගෙ ප්‍රතිසංස්කරණයෙන් ඉතිහාසය’ත් විකෘති කරයි

1 min read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව 6 වැනි ශ්‍රේණිය ඉතිහාසයෙ පොතේ, මෙරට ඉතිහාසය බරපතළ විකෘතියකට ලක් කර ඇතැයි අනාවරණය වේ.

එම පොතේ සඳහන්ව ඇති පරිදි ක්‍රි.පූ. 400න් ඇරඹෙන පැරණි යුගයේ නිර්මාණ අතරට (ලෝවාමහාපාය, සීගිරිය වැනි) 2 වැනි සංකිලි රජුගේ ඇමති මාලිගයේ රූපයක් ද එක් කර තිබේ.

එම කෘතියේ නූතන යුගය ලෙස සඳහන් කර ඇත්තේ ක්‍රි.පූ. 500 සිට ය. දෙවැනි සංකිලි පාලනය පැවැතියේ ක්‍රි.පූ. 1617 – 1619 අතර ය. ඒ අනුව ‘‘සංකිලි මාලිගය“ අයත් වන්නේ ක්‍රි.පූ.500 සිට ඇරඹෙන නූතන යුගයට ය. එසේ තිබිය දී ක්‍රි.පූ. 400 න්හා ඇරඹෙන පැරණි යුගයේ නිර්මාණ අතරට ‘‘සංකිලි මාලිගය“ එක් කිරීම බරපතළ වරදක් වේ.

යම් හෙයකින් එම සංකිලි මාලිගය 1 වැනි සංකිලි පාලන සමයේ නිර්මාණය කළා සේ සැලකුව ද ඔහුගේ රාජ්‍ය පාලන සමය අයත් වන්නේ ක්‍රි.පූ. 1519- 1565 අතරට ය. කවර අයුරින් තර්ක කල ද ක්‍රි.ව. 1500න් ඉහළට එම මාලිගයේ බිහිවීම අදාළ කරගත හැකි නොවේ. ඒ අනුව, ක්‍රි.පූ.400 න් ඇරඹෙන යුගයට අයත් නිර්මාණයක් ලෙස ‘සංකිලි මාලිගය‘ දක්වා තිබීම, දෙමළ ජාතිවාදී හා බෙදුම්වාදී මතවාදය සැනසීම පිණිස දැනුම්වත්ව සිදුකරන ලද විකෘතියක් බව ඉතිහාස ගවේෂකයෝ පෙන්වා දෙති. ලංකාවේ පැරණි ඉතිහාසයට සම්බන්ධ අනුරාධපුර හා පොළොන්නරුව යුගයේ කියා දැක්විය නොහැකි බොහෝ නිර්මාණ තිබියදී ‘සංකිලි මාලිගය‘ පැරණි යුගයට දමා හුවා දැක්වීම පැහැදිලි අවබෝධයකින් සිදු කරන ලද විකෘතියක් බව ඔවුහු අවධාරණය කරති.

ජනප්‍රිය පුවත්  අවදානම පෙන්නුවේ මාසෙකට කලින්! පෙර ක්‍රියා කිසිවක් නෑ!

දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතය දරන්නවුන්ද මෙරට ක්‍රි.පූ. යුගයට අයත් තම රාජ්‍යත්වයක් පිළිබඳ විවිධ ප්‍රවාද ඉදිරිපත් කර තිබේ.
තත්ත්වය එසේ තිබිය දී 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට එකී දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතවාදයට උචිතවන පරිදි ඉතිහාසය විකෘති කොට දැක්වීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මහා පාවා දීමක් සේ සැලකිය හැකිය.

මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී ඔබ වෙත අනාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.

තීක්ෂණ කල්දේරා – LankaUndergroundNews.com

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x