2025 දී ඇ.ඩොලරය හමුවේ රුපියල 5.6 % කින් පිරිහිලා
1 min read
ගිය වසරේ (2025 ) දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ සියයට 5.6 කින් පිරිහීමට ලක්ව ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ දී සියයට 12.1 කින් සහ 2024 වසරේ දී සියයට 10.7 කින් ශක්තිමත් වී තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ.
ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් රැසකට සාපේක්ෂව ගිය වසරේ (2025) දී ශ්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්ව ඇත.
මේ අනුව යූරෝව හමුවේ සියයට 16.3 ක්, බ්‍රිතාන්‍ය පවුම හමුවේ සියයට 12 ක්, චීන යුවාන් හමුවේ සියයට 9.6ක්, ජපන් යෙන් හමුවේ සියයට 5.6 ක්, ඕස්ට්‍රේලියානු ඩොලරය හමුවේ සියයට 12.2 ක් හා ඉන්දියානු රුපියල හමුවේ සියයට 1 ක් වශයෙන් ශ්‍රී ලංකා රුපියල ගිය වසරේ (2025 ) දී පිරිහීමට ලක්ව තිබේ.
