January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විගණකාධිපති පත්කරන්න! ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්!

1 min read

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර් නැෂනල් සංවිධානය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු දෙස් විදෙස් ආයතන විස්සකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කරමින් ලිපි යොමු කර ඇති බව වාර්තා වෙනවා.

විගණකාධිපති ධුරය දීර්ඝ කාලයක් පුරප්පාඩු වී පැවතීමෙන් රටේ මූල්‍ය විනය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රයත්නයට බරපතල තර්ජනයක් මතු වන බව එම සංවිධාන පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එපමණක් නොව මේ වන විට මෙම තනතුරේ ගැටලුව තානාපති කාර්යාල කිහිපයක් අතර ද අවධානයට ලක් වී අවසන්ය.

මේ අතර වසර තිහකට වැඩි සේවා කාලයක් ඇති තමා මෑතක් වනතුරුම වැඩ බැලූ විගණකාධිපති ධුරයට තමා නුසුදුස්සෙකු බවට පත් වූයේ කෙසේ ද යන්න පැහැදිලි කර දෙන ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තමාට එරෙහි කිසියම් චෝදනාවක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. කෙසේ වෙතත් රජය ඊට හ මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ජනප්‍රිය පුවත්  හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

මේ අතර විගණන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන ආකරයට මෙම තනතුර පිරවීමට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් සිටින්නේ විගණන දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරිවරයෙකු ලෙස සෙවය කරන අතිරේක ලේකම්වරයෙක් විසිනි.

විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා වරින් වර ප්‍රකශයට පත් කළ නම් හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් මේ වන විට මාස අටක් තිස්සේ විගණකාධිපතිවරයෙකු නොමැතිව කටයුතු කරන අතර එයින් විගණන විමසුම් ගණනාවක් ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x