ආපදා වන්දි ලක්ෂ 50 දෙන්නේ තක්සේරුව ලක්ෂ 50ක් නම් පමණයි!
1 min read
ආගං වතුර සහ නායයෑම් නිසා හානි වූ සියලුම නිවෙස් සඳහා තක්සේරුවකින් තොරව රු. ලක්ෂ පහ බැගින් ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මෙම නිවාස පූර්ණ හානි, අර්ධ හානී ලෙස තක්සේරු කිරීමට ගියහොත් ඒ සඳහා තවත් අවුරුද්දක් පමණ ගතවනු ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එහෙත් කිසිවෙකුට හානිය තක්සේරු කොට අදාළ මුදල ලබා ගැනීමට උවමනා නම් ලක්ෂ පහ ප්‍රතික්ෂේප කළ හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.
එවිට අදාළ නිවස තක්සේරු කර හානිය ලක්ෂ 25ක් හෝ ලක්ෂ 50ක් හෝ වුව ද එය ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.
