January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුත බලපන් හෙළ ගැඹුරුයි

1 min read

කොසොල් රජු දුටු සිහිනවල එන 4 වැනි සිහිනයේ දැක ඇත්තේꓼ මහා බර පටවපු කරත්තවල පළපුරුදු නැති ලපටි ගොන්නු බැඳ සිටින අන්දම ය. පලපුරුදු නැති ලපටි ගොන්නුන්ට මහා බර පටවපු කරත්ත ඇදගෙන යා නොහැක. අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව ද දවසින් දවස සනාථ කරමින් ඇත්තේ මේ කොසොල් රජු දුටු 4 වැනි සිහිනයේ තේරුම ය.

නිදහසෙන් පසු ගෙවී ගිය 78 වසර තුළදී ශ්‍රී ලංකාව පසුකරමින් සිටින වඩාත් බරපතල හා අවදානම් සහගත කාලය දැන් අප අභිමුව ඇත. රට ගෙන යමින් තිබෙන්නේ කුමන අන්දමේ බරපතල ඉරණමකට ද යන්න පාලකයන්ට වටහා ගැනීමටවත් හැකි වී නැත. ඔවුන් සිතා සිටින්නේ සියල්ල හොඳින් සිදුවන බව ය. එහෙත් තත්ත්වය ඉතා බරපතල ය. එමෙන්ම අතිශය තීරණාත්මක ය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුගිය වසරක පමණ කාලය තුළදී පමණක් රුපියල් 19කින් අවප්‍රමාණය විය. 2024 ඔක්තෝබර් මස රුපියල් 293ක් වූ ඩොලරයේ අගය මේ වන විට රුපියල් 312 ද ඉක්මවන අගයක් හිමිකරගෙන ඇත. මේ නිසා පමණක් 2025 මැද භාගය වන විට ඇමරිකන් ඩොලර් බිලියන 37 ක් වූ ණය ප්‍රමාණයේ රුපියල් වටිනාකම අතිරේකව රුපියල් බිලියන 703 කින් ඉහළ ගොස් ඇත.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක 1කින් අවප්‍රමාණය වන සෑම විටකම පාහේ විදේශ ණය බර අතිරේක රුපියල් බිලියන 37කින් වැඩි වේ. ඉදිරියේදීත් රුපියල තව තවත් අවප්‍රමාණය වනු ඇතැයි සිතිය හැකිය.

ජනප්‍රිය පුවත්  ''ට්‍රම්ප් කාඩ්'' එක

‘දිට්වා“ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට එල්ල වූ බලපෑම දරා ගැනීම අසීරු මට්ටමක පවතින බව පවසන්නේ ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ කවුන්සිලයේ සභාපති ට්‍රෂර්මන් ෆ්‍රින්ක් මහතාය.

ඔහු පවසන අන්දමට ‘‘දිට්වා“ හි බලපෑම කොවිඩ් වසංගතය හෝ සුනාමි වැනි ආපදා අවස්ථාවලටත් වඩා බරපතලය. මේ වසරේ මැද සිට එල්ල වූ ට්‍රම්ප්ගේ තීරු බදු පීඩනය SVAT ක්‍රමය අහෝසිය” BOI ව්‍යාපෘති සඳහා පහසුකම් කපා දැමීම සහ බදු වැඩිවීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. ඒ තත්ත්වය තුළ ආ ‘දිට්වා“ සුළි සුළඟින් කරන ලද බලපෑම අති මහත්ය.

ඔහු පවසන පරිදි, දිට්වා හේතුවෙන් අපනයන පාදක කර්මාන්ත ශාලා රැසකට හානි සිදුවී ඇත. විශේෂයෙන්ම තේ, පොල්, රබර් නිෂ්පාදන වැඩි වශයෙන් බලපෑමට ලක්ව තිබේ. මෙම සම්පූර්ණ බලපෑම ඉදිරි මාස කිහිපයේදී අපනයන ආදායම තුළින් නිර්දය ලෙස දැක ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

2026 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් බිලියන 3කට අධික ණය හා පොලී වාරිකයක් විදේශීය ආයතන වෙත ගෙවිය යුතුව තිබේ. දැනට මෙරට විදේශ වත්කම් සංචිතයේ තිබෙනවා යැයි කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 6216 කි. එහෙත්, එම 6216 න් ඇමරිකන් ඩොලර් මිලියන 3683ක්ම SWAP යනුවෙන් හඳුන්වන වසරකට අඩු කාලයක් තුළදී ගෙවිය යුතු, පාවිච්චියට ගත නොහැකි මුදලකි. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන හා එයට ගෙවිය යුතුව තිබෙන ඇමරිකන් ඩොලර් මිලියන 1740ක්ද ඒ තුළ තිබේ. ඊට අමතරව විදේශිකයන් විසින් ඉහළ පොලියට කෙටි කාලීන ආයෝජන ලෙස ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් උපයා ගත් ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක්ද ඒ අතර වේ. මේ සියල්ලෙහිම එකතුව ඇමරිකන් ඩොලර් මිලියන 6423 කි. එම වගකීම් වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්වත් අපේ විදේශ වත්කම් සංචිතය තුළ නොවේ. හරියටම කියතහොත් අපේ විදේශ වත්කම් සංචිතයේ නියම වටිනාකම නම් ඍණ ඇමරිකන් ඩොලර් මිලියන 207 කි.

ජනප්‍රිය පුවත්  යාපනේ සිහලුන්ගේ දුක! සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරීම!

‘‘දිට්වා“ නිසා ඉදිරි කාලය තුළ බොහෝ දේවල් ආනයනය කිරීමට ලංකාවට සිදුවනු ඇත. එළවළු සහල් හා තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඒ අතර වේ. රුපියල වැටෙන නිසාම පමණක් ඒවායේ මිල ඉහළ අගයක් ගැනීම වැලකිය හැකි නොවේ. ආනයන වියදම වේගයෙන් ඉහළ යාමත්, අපනයන ආදායම බිඳ වැටීමත් විසින් විදේශ විනිමය අර්බුදය අලුත් වටයකින් උද්ගතවීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. ආර්ථික වර්ධන වේගය ද ඒ අනුව පල්ලම් බැසීම නියතයකි. ‘‘දිට්වා“ නිසා රැකියා අහිමි වූ ගණන ලක්ෂ 4 කැයි පැවසේ. නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි බව පැහැදිලිය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ කුමක් ද? ලංකාව පවතින්නේ සමාජ පීඩනයේ ගිනි කන්දක් බවට පත්ව බව ය. 2026 අප්‍රේල් සිංහල අලුත් අවුරුදු සමය වන විට කොහොමටත් ආනයන වියදම ඉහළ යාම සිදුවේ. මේ සියල්ලෙන්ම, ගිනිකන්ද පිපිරෙන අවදානම ඉස්මතු වීම වැළකිය හැකි නොවේ.

ආණ්ඩුවට මේ බව තේරෙන බවක් පෙනෙන්නේ නැත. ජනාධිපතිවරයා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරමින් සිටී. එහෙත් රුපියල බාල්දුවන හැමවිටම ඔහු එකතු කරගෙන තිබෙනවා යැයි කියන රුපියලේ මුර්ත අගය පහළට ඇද වැටේ. හතර අතින්ම පේන්නේ බියකරු චිත්‍රයකි. අනුර තුමෝ සිතන්නේ හුළඟට ගියා එක සෙවිලි තහඩුවකට ලක්ෂ 10 ක් දෙනවා යැයි කියා (දෙන්නේ ද නැත) මේ තත්ත්වය සමනය කළ හැකි යැයි කියා ය.

ජනප්‍රිය පුවත්  අර්බුදයේ පාලනය කොතැනක නතර වනු ඇත් ද?

දැනටම ජ.වි.පෙ. උන්දැලාට ගම්වල ගැහැණු ගහන තත්වය ඇතිවී තිබේ. ඉදිරියේදී තව හොඳ හොඳ සෙල්ලම් දැක ගැනීමට හැකි වනු ඇත. විපක්ෂය මේ තත්ත්වය හඳුනාගෙන ඇත් ද? මේ තත්ත්වය බාහිර රටවල කෙළි බිමක් බවට පත්කර ගැනීමට ඉඩ නොතබා රටේ යහපතට කළමනාකරණය කිරීමේ හැකියාවක් විපක්ෂය සතුව තිබේ ද?.

මේ සියල්ල සිතන විට, අපට නම් නින්ද යන්නේ ද නැත. අරාජිකත්වය තරම් භයානක දෙයක් ඇත්තේම නැත. ඒ බව වටහාගෙන ඇති ඇත්තෝ වහා අවදිව මේ ගැන පූර්ව පියවර ගනිත්වා! අපේ ප්‍රාර්ථනාව එයම වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x