මහින්ද යලි කොළඹට!
1 min read
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සදහන් කරයි.
දැනට සතියකට පමණ පෙර සිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ පිහිටි නිවසකට පැමිණි ඇති බවත්, දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීමට සහ අවශ්‍ය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ කටයුතුවලට පහසු නිසා මෙසේ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති බවයි මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් පවසන්නේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු ඇතැම් පහසුකම් එම පනතෙන් විය. ඉන් අනතුරුව කොළඹ 07 විජේරාම පෙදෙසේ රජයේ නිල නිවසින් පසුගිය සැප්තැම්බර් 11 වැනි දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ කාල්ටන් නිවස වෙත පිටත්ව ගියේය.
