මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙත මුදාහැර ඇති මර්දනය නවතනු! –
1 min read
මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් අතර, මෙම ක්‍රියාවන් හුදෙක් සාක්ෂි ලබා ගැනීමක් නොව, රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සහ ආයතන ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති අනීතික මර්දනයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
සම්පූර්ණ නිවේදනය පහතින්

