January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වරුණ රාජපක්ෂ ස.ජ.බෙ.න් ඉවතට

1 min read

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව, එ.ජා.ප.ය හා ස.ජ.බ ඒකාබද්ධ කිරීම පිළිබඳව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත වරුණ රාජපක්ෂ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දා, කොළඹ හෝටලයක දී රනිල් වික්‍රමසිංහ හමු වී ඇති වරුණ රාජපක්ෂ සහ ස.ජ.බ. හොරණ ආසන සංවිධායක ප්‍රවීන රංගන ශිල්පී චරිත් අබේසිංහ සාකච්ඡා කර ඇත්තේ එ.ජා.ප. ය හා ස.ජ.බ. එකතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ය.

එහිදී සියළු දෙනාගේම දෝශ දර්ශනයට ලක්ව ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය යි. සජිත්ට තවදුරටත් මේ පිළිබඳව මඟ හැරීමට නොහැකි වන පරිදි ක්‍රියාමාර්ග තේරිය යුතු බව වරුණගේ මතය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා, තමන් එ.ජා.ප. නායකයා ලෙස සිටීම එකතු වීමට බාධාවක්නම් එයින් ඉවත්වීමට වුව සූදානම් බව ප්‍රකාශ කළේ මේ සාකච්ඡාවෙන් අනතුරුව ය.

කෙසේ වෙතත්, මේ පිළිබඳව දැනගත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා බලවත් ලෙස කෝපයට පත්ව තිබේ. එහිදී, තම පවුලේ සාමාජිකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති විපක්ෂ නායකවරයා තීරණය කර ඇත්තේ වරුණ රාජපක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ය. චරිත් අබේසිංහට මේ පිළිබඳව දැඩි ලෙස අවවාද කිරීමට ද එහි දී තීරණය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ඊළඟ ප්‍රහාරය ලංකාවෙ ද ? ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති !

LnkaUndergroundNews වාර්තාකරු- කාව්‍ය දික්කුඹුර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x