January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බලශක්ති ඇමති කුමාර ජයකොඩිගෙන් අල්ලස් කොමිසමට වංගුවක්!

1 min read

2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ සේවය කරන අතරතුර මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් විමර්ශනයක් අරම්භකර ඇත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත එම විමර්ශනයට අදාළව නීතිමය කරුණු ඉදිරිපත් කර ඇති බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් උපුටමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත

අමාත්‍යවරයාගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ලිඛිත කරුණු දැක්වීමක් සලකා බලන ලෙසයි.

රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ගය මහාධිකරණයේ ගොනු කිරීමට නියමිතය.

අමාත්‍ය ජයකොඩි විමර්ශනයට ලක්වන අදාළ ටෙන්ඩරය පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එවක සේවය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x