June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සීනි කඩේ

1 min read

සීනි කියන විට ඉස්සර නම් මතක් වන්නේ අන්දරේව ය. අන්දරේ සීනි කෑව හැටි අප දැනගත්තේ කුඩා කාලයේදී මය. ඒ අන්දරේ දැන් නැත. ඒ වෙනුවට ඉන්නේ වැඩ බලන අන්දරේ ය. ඒ, වෙනින් කවුරුත් නොව හඳුන් නෙත්ති ය.

මේ හඳුන්නෙත්ති ගැන ගොඩක් අය කලින් සිතා සිටියේ JVP යේ ඉන්න පට්ට මොළකාරයෙක් ලෙස ය. රටක ආර්ථිකයක් ගොඩගන්නා හැටි කියා දෙන හඳුන්නෙත්තිලා ගැන අඳුනක් යවා බලන්නවත් මිනිසුන්ට හිතුනේ නැත්තේ ඒ හන්දා ය. දැන් බලාගෙන ගියාම හඳුන්නෙත්තිලා හරියන්නේ රජ වාසල කවටයාට ය. එසේ නොමැතිව අමාත්‍ය මණ්ඩලයටනම් නොවේ ය.

අන්දරේ කෑවේ සීනි ය. හඳුන් දොරේ කන්නේ නිකන් සීනි නොව රතුම රතු සීනි ය. රතුම සීනි කන්නට හඳුන් දොරේ කැමැති ඔහුගේ පක්ෂයේ පාටත් රතුම රතු නිසා විය හැකිය. ඒ ගැන හරියට ම කියන්නට අප දන්නේ නැත.

රතු පාටට කැමති වූවාට හඳුන් දොරේලා දැන් යන්නේ කොළ පාට පාරේ ය. කොළ පාට පාර යනු රනිල් වික්‍රමසිංහ ගිය පාරේ ය. ඒ නිසා දැන් හඳුන් දොරේලාගේ රතු පාට ටික ටික අව පැහැ වෙමින් ඇත්තේ ය. ඒ හන්දා හඳුන් දොරේලා රතු සිනීවත් අල්ලාගෙන රතු පැහැ ගතිය වැඩි කර ගැනීමට හිතන්නේ ය.

ජනප්‍රිය පුවත්  ආදරණීය දුනිත්…

ඒ වෙනුවෙන් පසුගිය දා අපේ හඳුන්දොරේ අන්දරේවත් පරදවන මට්ටමේ වැඩක් කළේය. ඒ, කූඹි අරෙන්න එක මිනිහෙක්වත් නැති සීනි කඩයක් දැමීම ය. නිකන් සීනි කඩයක් නොව රතු සීනි කඩයක් ය. එකේ නම ”පුනරුද රතු සීනි කඩේ” නොවේ.

මේ රතු සීනි කඩේට කවුරුත් යන්නේ නැත! ඉන්න සේවකයන් දෙතුන් දෙනා කරන්නේ සීනි වලට වහන කූඹි එළවීම ය. කූඹින් නැත්තන් ඔවුන්ට ඉන්නට සිදුවන්නේ හද්දා පාළුවෙන් ය.

අන්දරේ ජීවත්ව සිටියේ නම් මොන වැඩ තිබ්බත් හඳුන්දොරේ ගේ මේ රතු සීනි කඩේට ගොඩවදිනු නිසැක ය. එසේ ගොඩවදින අන්දරේ රතු සීනි මිටක් අතට ගෙන හඳුන්දොරේගේ කටට හලා ”උඹේ කටෙත් සීනි” යැයි පවසනු ඇත. දෙවනුව හඳුන්දොරේ සීනි කෑ හැටි ගැන රස කවියක් ද කියමින් නුගේගොඩ නගරේ පැත්තට පල්ලම් බහිනු නිසැක ය.

මෙබදු සුපිරි අදහස් තව තවත් පහළවන හඳුන්දොරේගේ මොළයේ වට ප්‍රමාණය මණින්නට මොකෙක්වත් ඇත්තේ නැත. අපට කණගාටුව ඒක ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x