June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලීසියෙන් කැරැල්ලක්! බුද්ධි අංශ අනතුරු අඟවයි!

1 min read

ජනාධිපති අනුර කුමාරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණේ බලය පෙන්වන ප්‍රචාරක රැලි සඳහා ශ්‍රී ලංකා පොලීසිය මගින් පිරිස් සහභාගී කර ගැනීමට ක්‍රියා කිරීමත් සමග කාලයක් පුරා වර්ධනය වූ වත්මන් ආණ්ඩුව පිළිබඳ පොලීසියේ විරෝධය බලවත් ලෙස ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවා ජනාධිපතිවරයාට වාර්තා කර සිටී.

අද (20) තංගල්ලේදී පැවැත්වෙන ”ඉවත් වෙනු!” නැමැති රැළිය සඳහා සෙනග සහභාගී කරවීමේ වගකීම බාර දී ඇත්තේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන්ට ය. ඒ පිළිබඳව නියෝග කරමින් පොලීසිය නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවේ ඒ ඒ පොලිස් ස්ථාන මගින් අදාළ රැළිය සඳහා සහභාගී කරවිය යුතු පිරිසේ ප්‍රමාණය දක්වා ඇත. මෙයට සහභාගී කරවිය යුතු යැයි දන්වා ඇත්තේ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් ය.

පසුගිය කිසිදු ආණ්ඩුවක් මගින් මහජන ආරක්ෂක කමිටු දේශපාලනීකරණය කිරීමට කටයුතු කළේ නැත. පක්ෂ භේදයකින් තොරව එම කමිටු සඳහා පුද්ගලයන් තෝරා ගත් අතර, අදාළ ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයන් ඒ සඳහා අදාළ කර ගනු ලැබුණි. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබුණේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක කමිටු යළි පිහිටුවිය යුතු බවයි. ඒ අනුව ඒ සියල්ලට පත් කරගනු ලැබුවේ ජ.වි.පෙ. සාමාජිකයන් හෝ හිතවාදීන් ය.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. "සමරුව"ට කඩා පනින්න ගියේ කවුද ? | කවුරුත් නොදන්න ඇත්ත මෙන්න

පොලීසියේ වියදමින්, පොලීසිය හරහා අදාළ රැස්වීමට බලහත්කාරයෙන් රැගෙන එන්නේ මෙම පිරිසව ය. මෙබදු ඉරණමකට මහජන ආරක්ෂක කමිටු මීට පෙර පත්ව නැත. එමෙන්ම පොලීසිය ද ජනාධිපතිවරයකුගේ දේශපාලන රැළි සඳහා පුද්ගලයන් සහභාගී කරවීමට මෙලෙස ක්‍රියා කිරීම මීට පෙර සිදුව නැත.

මෙම තත්වය යටතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා තවත් පොලීසියේ ඉහළ නිලධාරීන් 11 දෙනෙකු පොලිස්පතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව පොලීසිය අභ්‍යන්තරයේ බලවත් මතයක් ගොඩනගන බව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. මේ පිළිබඳව කලබල වී ඇති ජනාධිපතිවරයා බුද්ධි අංශ මගින් පෙන්වා දී ඇති නිලධාරීන්ගේ කුමන හෝ වරදක් යොදාගෙන ඔවුන් සේවයෙන් නෙරපා හැරීමට වහා පියවර ගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පොලීසිය අභ්‍යන්තරයේ වර්ධනය වී ඇති ගින්න නිවීම පිණිස, පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 7000ක දීමනාවක් ලබා දීමට පියවර ගත්තේ ද මෙම බුද්ධි වාර්තා වලින් පසුව ය.

නමුත්, ආණ්ඩුව හා පොලිස්පතිවරයා පිළිබඳව ඇති වී ඇති බලවත් අප්‍රසාදය එමගින් තුරන් වී නැතැයි පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙ වාර්තා කර සිටී.

ජනප්‍රිය පුවත්  රුපියල් බිලියන 6ක් අතුරුදහන් ! දිට්වා දත්ත දෙන් නෑ !

රොමේෂ් තෙන්නකෝන් lankaundergroundnews වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x