November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර කුමරුවෝ වැසි දිය මත….

1 min read

මේ ඉන්නේ ජනාධිපති අනුර නොවේ ය. මේ ඉන්නේ වෙන්ට ජනාධිපති අනුර ය.

එකල් හි මොර සූරන වැස්සක් වසින ලද විට, අප ජනාධිපති පාරමී දම් පුරන්නා වූ අනුර කුමරුවෝ වහා වේදනාවට හා කම්පාවට පත්ව රට වැසියාගේ දුක ගැන සොයා බැලීම පිණිස මහත් වූ අනුකම්පාවෙන් යුක්තව මහමඟට පිවිසෙන්නාහ. ගැඹුරු ජලය ද නොගැඹුරු ජලය ද යනාදිය නොවිමසාම හේ තෙමේ, මහා ජල කඳ පීරා පෙරට ගමන් කරන්නා හ. එතුමාණන්ගේ ”රතු තරුව” බලකා සාමාජික පිරිවර ද ඒ සමඟ ජල තරණය කරන්නාහ.

අවට පරිසරයේ වන සකළ අප විත්‍ර දෑ සමඟ මුසු වූ කිලිටි ජලයේ දෙපා රැදුන කල් හි කුමන වූ රෝග වැළදේදැයි සිතන්නටවත් අප අනුරු කුමරුවෝ සැළිකිලිමත් නොවූහ. පොදු ජනයාගේ දුක තමන්ගේ දුක වන්නේ යැයි සිතා, අපවිත්‍ර ජලය පීරා ගොස් පොදු ජන දුක නිවන්නට හෙතම ඉමහත් උනන්දුවෙන් යුක්තව කැප වූයේය.

වසර 76ක ශාපය විසින් මෙ බිම් ජල තටාංගණයක්වී ඇති බවත්, අපගේ සුහුරු පාලනය පිහිට වූ කල කවර ලෙසකින් හෝ මෙබිම ජලයෙන් යට නොවනු ඇති බවත්, එය සිදුකිරීමේ මහර්ග හැකියාවකින් තමන් සහ තම පිරිවර අනූනව සිටින බවත් අප අනුර කුමරුවෝ එකල් හි රට වැසි දනන් වෙත කියා පෑහ. ඒ මහා දැනුමැති අදහස් පිළිගත් රට වැස්සෝ ද මහා කුළුණු ගුණයෙන් යුත් මෙබදු නායකත්වයකගේ පහස ලබන්නට ගංවතුරේ ගිලී සිටින්නා වූ විට වුව තමන් ද වාසනාවන්ත වූයේයැයි සිතා සතුටු කදුළු වගුරන්නට වූහ.

ජනප්‍රිය පුවත්  මතේ මත !

ආශ්චර්යෙකි! එම සතුටු කදුළු ද ගැලූ ජල කඳ හා එක් විය. කෙමෙන් එය සැඩ රළ පහරක්ව 76 අවුරුදු ශාපය දූරින්භූත කළ අතර, වැසි ජලයෙන් පීඩා නොලද ජීවිතයක් එකනෙහිම උදා කර දුන්නේ ය. අප අනුර කුමරුවෝ ‘‘රතු තරුව“ ද ගෙන ඉමහත් චිත්ත ප්‍රිතියෙන් යුක්තව පොලිස්පතිවරයා ද කිහිල්ලේ ගසා ගෙන ජනාධිපති මන්දිරය කරා සැපත් වූහ. මහජනතාවෝ නැගූ ඔල්වසරසන් හඬින් අවට පරිසරය ගිගුම් දුන්නේ ය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x