ජනපති නිසා ප්‍රමිෂ්කා සහ සැමියා අතර ගෝරි!
1 min read
ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතියක් වන ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණ සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාවිභූෂණ අතර ගැටුම් ඇති වී එම පවුල දෙදෙරා යන තත්වයක් උද්ගතව ඇතැයි අප වෙත වාර්තා වී තිබේ. කිසියම් කෙනෙකුගේ පෞද්ගලික ආරවුල් වාර්තා කිරීම අපගේ පුවත් සම්ප්‍රදාය නොවුණත් අප මෙය වාර්තා කරනුයේ අදාළ ගැටුම ඇති වි ඇත්තේ මෙරට විධායක ජනාධිපති අනුර කුමාර හේතුකොට ගෙන බැවිණි.
ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණ රාත්‍රී කාලය පුරා ජනාධිපති අනුර කුමාර සමග ”චැට්” කරමින් සිටීම හේතුකොටගෙන ඇයගේ සැමියා විසින් කිහිප වතාවක්ම ඒ පිළිබඳව ඇයට දැඩි ලෙස අවවාද කර තිබේ. තමන් බිරිඳක් වශයෙන් ඇයට සියළු සැප සම්පත් ලබාදී තිබියදී තමන් සමඟ ගත කළ යුතු කාලය වෙනත් අයකුට වෙන් කරදීම නොකළ යුතු බවට ඔහු ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාවිභූෂණ වෙත පෙන්වා දී තිබේ. එහෙත් එම අවවාද කිරීම් මගින්, ප්‍රමිෂ්කා හා ජනාධිපතිවරයා අතර මධ්‍යම රාත්‍රිය ඉක්මවා යනතුරු පවත්නා ප්‍රේම සල්ලාපය නතර වී නැත.
මේ තත්වය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමිෂ්කා සහ ඇයගේ සැමියා දැන් රාත්‍රිය ගත කරනුයේ එකම නිවසක වුවත් කාමර දෙකක් තුළය. ප්‍රමිෂ්කා පෙරේරා සිය හිතවතුන්ට පවසා ඇත්තේ කුමන ප්‍රශ්න මතු වුවද ජනාධිපතිවරයා සහ තමන් අතර ඇති සම්බන්ධය නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවය.
මේ අතර, ජනාධිපතිවරයාගේ බලය තමන් වෙත ආරූඩ කරගනිමින් ක්‍රියා කරන ප්‍රමිෂ්කා පොලීසියේ උසස් නිලධාරීන් පවා හසුරුවාලීමට පටන්ගෙන තිබේ. පොලීසිය බාර නියෝජ්‍ය ඇමතිවරයා වූ සුනිල් වටගල ඔහුගේ සමීපතම හිතවතුන් සමඟ පවසා ඇත්තේ ”බලවත් කාන්තාව” පොලීසිය පාලනය කරන බැවින් ඉහළ නිලධාරීන් දැන් තමන්ට හෝ තම ඇමතිවරයාට අවනත නැති බව ය.
ඉදිරි කාලය තුළ තවත් තොරතුරු රැසක් ලැබීමට නියමිත බැවින්, සියළු සාක්ෂි සහිතව සියල්ල අනාවරණය කිරීමට Underground සූදානමින් සිටී. අප මෙම තොරතුරු අනාවරණය කරනුයේ වෙනත් දේශපාලන නායකයන්ගේ පුද්ගලික ජීවිතයට පවා පහර දෙමින්, බලය ලබාගත් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ සැබෑ ස්වරූපය අනාවරණය කරනු පිණිසය.
Underground විශේෂ වාර්තාකරු




