November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට ස්ටීවන් මිලර්.. – සුසී වයිල්ස් ඉවතට..

1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) සුසී වයිල්ස් (Susie Wiles) එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට ස්ටීවන් මිලර් (Stephen Miller) පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැඩි පරාජයෙන් අනතුරුව ධවල මන්දිරයේ සිදුකෙරෙන ප්‍රධානතම තනතුරු වෙනස් කිරීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂයට අහිමි වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, මැතිවරණ උපායමාර්ගය පිළිබඳව ද ඔහු කෝපයෙන් පසුවන බව මේ පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ.

ට්‍රම්ප්ගේ සමීපතම සහායකයෙකු වන ස්ටීවන් මිලර්, ඔහුගේ දෙවන ධුර කාලයේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අයෙකු ලෙස සැලකේ.

කෙසේ වෙතත්, මිලර් මෙම ඉහළ තනතුරට පත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ට්‍රම්ප් සිය පාලන ප්‍රවේශයේ මූලික වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි දේශපාලන විශ්ලේෂණවලදී පෙන්වා දී ඇත්තේ.

ජනප්‍රිය පුවත්  "මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර

මේ අතර, සුසී වයිල්ස් සිය දේශපාලන මෙහෙයුම් කටයුතු සඳහා යොමු කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඇය සිය රාජකාරිය විශිෂ්ට ලෙස ඉටු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ධවල මන්දිරයෙන් පිටත්ව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට යන අතරතුර ස්ටීවන් මිලර් ද ට්‍රම්ප්ගේ පැසසුමට ලක්ව තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x