කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. – ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
1 min read
කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 28 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුග්‍රහය ලබා දීමට අනුමැතිය හිමි වී ඇති අතර, ඒ සඳහා අනුමත වූ සමස්ත මුදල රුපියල් 104,638,760ක් වන බවත්, මෙම මුදල් ගෙවීම් වාරික දෙකක් යටතේ සිදු කිරීමට නියමිතව ඇති බවත් ඔහු අනාවරණය කරයි.
පළමු වාරිකය: 2026 සැප්තැම්බර් 30 වැනි දින හෝ එදිනට පෙර මුළු මුදලින් 60%ක් ලෙස බදු සමඟ රු. 60,276,236ක් ගෙවීම.
ඉතිරි වාරිකය: 2026 නොවැම්බර් 15 වැනි දින හෝ එදිනට පෙර ඉතිරි 40% ලෙස රු. 41,841,550ක් ගෙවීම.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ මේ සඳහා යොදාගෙන ඇත්තේ මහජන බදු මුදල් හෝ මහා භාණ්ඩාගාරයේ මුදල් නොව, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් බවයි.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ නිරීක්ෂණවලට අනුව, අපේක්ෂිත ප්රතිලාභ සහ මැනිය හැකි ප්‍රතිඵල තහවුරු කර ගැනීම, විධිමත් ගිවිසුමකට එළඹීම සහ අදාළ සම්පූර්ණ කිරීමේ වාර්තා ලබා ගැනීමෙන් පසුව පමණක් අදාළ ගෙවීම් සිදු කළ යුතු බවට කොන්දේසි පනවා තිබුණි.
එහෙත් කැබිනට් අනුමැතිය ලැබුණු දිනම (සැප්තැම්බර් 28) සහ සමුළුව ආරම්භ වූ දින (සැප්තැම්බර් 30) අතර තිබී ඇත්තේ දින දෙකක් පමණක් බැවින්, මෙම කොන්දේසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ධර්මශ්‍රී කාරියවසම් මහතා බරපතළ ප්‍රශ්න මතු කරයි.
වීඩියෝව නරඹන්න..
