November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි වැට කඩාගෙන වන අලි රංචුවක් ගම්මානයකට කඩා පනියි

1 min read

හුරුලු වැව රක්ෂිතයේ පඩිකාරමඩුව මහසෙන්ගම ප්‍රදේශයේ පසුගිය කාලයේ සැරිසැරූ වන අලි රංචුවක් ඊයේ (05) රාත්‍රී කාලයේ හුරුලු පත්තිනි දේවාලය අසල සිවිල් ආරක්ෂක මුරපොළ අසලින් රජයේ විදුලි වැට පෙරලාගෙන ගලෙන්බිඳුණුවැව අංක 188 මිගහපට්ටිය එල්.බී. ජනපද ප්‍රදේශයට ඇතුළු වී තිබේ.

වසර ගණනාවක සිට මෙලෙස ගම් වදින වන අලි ප්‍රදේශයේ පොල් වගාවන් ඇතුළු බෝග විනාශ කරමින් ජන ජීවිතයට දැඩි පීඩා එල්ල කරන බව ප්‍රදේශවාසීහු පවසති.

රජය මඟින් ඉදිකර ඇති විදුලි වැට නිසි නඩත්තුවක් සහ ප්‍රමාණවත් විදුලියක් රහිතව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙලෙස වැට බිඳගෙන අලි ගම්බද ප්‍රදේශවලට ඇතුළු වී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරන බවට ප්‍රදේශවාසීන් බලධාරීන්ට චෝදනා කරති.

වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ගොවි ජනතාව පෙන්වා දෙති.

වන අලි උවදුර නිසා වගාවන් විනාශ වීමෙන් දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, නිරන්තරයෙන්ම ගම පුරා සැරිසරන මෙම වන අලි හේතුවෙන් තම ජීවිතවලටද දැඩි තර්ජන එල්ල වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  ක්‍රීඩා ඇමතිට විරුද්ධව නඩු දමයි..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x