එක්සත් ජනපද සෙනට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂයට
1 min read
ඩිමොක්රටික්(Democrats) පක්ෂය විසින් එක්සත් ජනපද සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට සමත්ව ඇත.
දකුණු කැරොලිනා, ටෙක්සාස්, අයෝවා, කැන්සස් සහ ඔහායෝ වැනි සාම්ප්‍රදායික රිපබ්ලිකන්(Republican) බලකොටු ප්‍රාන්තවල පවා ඩිමොක්රටික් අපේක්ෂකයින් ජයග්‍රහණය කර තිබේ.
මෙම ජන්දය ජයග්‍රහණයට ප්‍රධාන හේතු ලෙසෙ ජීවන වියදම ඉහළ යාම, ට්‍රම්ප් ආර්ථිකය හැසිරවූ ආකාරය පිළිබඳ ජනතාවගේ දැඩි කෝපය මෙන්ම පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීම නිසා තෙල්,ගෑස් මිල තියුණු ලෙස ඉහළයාමයි.
ඒ අනුව මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රතිඵලවලට අනුව සමස්ත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 220ක බලට ඩිමොක්රටික් පක්ෂය හිමිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් රිපබ්ලිකන් පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 128ක් පමණයි.
මීට අමතරව සෙනෙට් මණ්ඩලයේ ආසන 53ක බලයද ඩිමොක්රටික් පක්ෂය හිමිකරගෙන ඇති අතර රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 42ක් පමණක් බව ද සඳහන් වෙයි.
