November 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ කොටස් වෙළෙඳපොළින් 2026 වසරේ මුල් මාස 10 තුළ 10.97%ක පහළ යාමක්..

1 min read

කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස 10 ඇතුළත කොටස් වෙළෙඳපොළ 10.97% ක පහළ යාමක් වාර්තා කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 වන සිකුරාදා දින ගනුදෙනු අවසන් වන විට, සියලු කොටස් මිල දර්ශක අගය 20,142.33ක් ලෙස සටහන් විය.

වසර ආරම්භයේදී එම අගය 22,624.31ක් වූ අතර, එය ඒකක 2,481.98 ක හෙවත් 10.97% ක පහළ යාමක්.

එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළේ අනෙක් ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 දර්ශකය ද මෙම කාලපරිච්ඡේදය තුළදී ඒකක 6,157.38 සිට 5,746.40 දක්වා ඒකක 410.98 කින් හෙවත් 6.67% කින් පහළ ගොස් ඇති බව කොටස් වෙළඳපොළ දත්ත පෙන්වා දෙයි.

මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 441.17කින් පහළ ගොස් තිබේ.

2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් බිලියන 7,548.18ක් වූ අතර, ඔක්තෝබර් 30 වන දින වන විට එම අගය රුපියල් බිලියන 7,107.01ක් දක්වා අඩුවී තිබේ.

ජනප්‍රිය පුවත්  ශිරන්ති අල්ලස් කොමිසමට රැගෙන එයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x