October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. – ඇමති නලින්ද

1 min read

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය සෑම විටම කටයුතු කරනුයේ රටේ පවතින නීතිය අනුව බව පැවසූ අමාත්‍යවරයා නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බවද පැවසීය.

කෙසේ නමුත් ඥානසාර හිමියන් සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් මින් පෙර බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කරන ලද ලිපිය අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කළ බවත් පැවසූ අමාත්‍යවරයා එම නිත්‍ය නියෝග මත ඉදිරියේදී කටයුතු කරන බවද අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x