October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජා-ඇල අවන්හලක ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

1 min read

ජා-ඇල පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ අවන්හලක සේවකයින් හා අවන්හලට පැමිණි පිරිසක් අතර සිදු වු බහින් බස් වීමක් අතරතුර සිදුවූ පිහි ඇනුමකින් වේටර් වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම පිහිඇනුම අද (27) අළුයම් කාලයේ සිදුව ඇත.

දඹුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකට මත්පැන් පිටතින් රැගෙන පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු අවන්හල තුළ මත් පැන් පානය කිරීම ආරම්භ කර ඇත.

ඔවුන් මත්පැන් පානය කරන අතරතුරතුර JBL යන්ත්‍රයක් සම්බන්ධයෙන් අවන්හලේ කාර්ය මණ්ඩල හා මත් පැන් පානය කරමින් සිටි පුද්ගලයන් අතර බහින් බස් වීමක් ඇතිව තිබේ.

එම අවස්ථාවේදී බීමතින් සිටි පුද්ගලයකු තියුණු ආයුධයකින් වේටර් වරයකුගේ පපු ප්‍රදේශයට පහරදී ඇත.

පිහි ඇනුමට ලක්ව බරපතල තුවාල ලැබූ වේටර්වරයා ප්‍රතිකාර සදහා රාගම රෝහලට රැගෙනයන විටත් ජීවිතක්ෂයට පත්ව ඇත .

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

පිහිඇනුම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන කටයුතු ජා-ඇල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x