October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාඇල වෙල්යායක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

1 min read

ජාඇල, යක්කඩුව වැලිකඩුව මාර්ගය දෙපස පිහිටි වැසි ජලයෙන් පිරුණු වෙල් යායක තිබී පුද්ගල මළ සිරුරක් අද (27) සවස සොයා ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඒකල, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි මාරසිංහ පෙඩීගේ සජිත ප්‍රියංකර නමැති අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ මව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ සිය පුත්‍රයා පසුගිය 26 වැනිදා රාත්‍රියේ නිවසට නොපැමිණි බවයි. ඒ අනුව පසුදින ඔහු සොයා ගිය අවස්ථාවේදී වෙල් යායේ මුනින් අතට වැටී ජලයෙන් යටවී සිටින අයුරු දැක ඇති බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සමඟ ජාඇල ප්‍රදේශයේ මාර්ග රැසක් මෙන්ම වෙල් යායවල් ද ජලයෙන් යටවී ඇති අයුරු දක්නට ලැබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

ජනප්‍රිය පුවත්  ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ පෙත්සමක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x