October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් නොකරන බවට දැනුම්දීමක්

1 min read

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට දැනුම්දී තිබේ.

ඒ, සංශෝධිත බන්ධනාගාර නියෝග ප්‍රකාරව චීවරය සහිතව උන්වහන්සේ හෙට නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මීට පෙර ප්‍රකාශ කෙරුණු පසුබිමකය.

කෙසේවෙතත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කළේ ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය එම සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්ට දැනුම්දුන් බවය.

ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට අධිකරණය දැනුම්දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහ නාහිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x