October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව කියන්නේ බොරු… බාල ගල් අඟුරු නිසා නොරෙච්චෝලේ කැඩුණා… කරන්ට් කපන්නේ ඒකයි…!

1 min read

දිවයින පුරා විදුලි කප්පාදුවකට ද තුඩුදී ඇත්තේ බාල ගල් අඟුරු භාවිතය නිසා නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීම බවත් විදුලි බල ඇමතිවරයා ඉහළ කොත්මලේ බලාගාරයේ සිදුවීමක් ගැන කියමින් රට නොමග යැවූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසයි.

“පළමුවෙන්ම කියන්න ඕනෙ මේකට ඉහළ කොත්මලේ කිසිම සම්බන්ධයක් නෑ. අමාත්‍යවරයා රට නොමග යැව්වා. ඉහළ කොත්මලේ ඔය බිඳවැටීම වුණේ ඊට දවසකට කලින් දහවල් 02.00 ට. මේකට ඒකෙ කිසිම සම්බන්ධයක් නෑ. මේ සිදුවීම වුණේ පසුවදා දහවල් කාලයේ. ඒ වෙලාවේ මෙගාවොට් 2800ක් පද්ධතියට අවශ්‍යතාව තිබුණා. සාමාන්‍ය ක්‍රමවේදය තමයි 2800ක් පද්ධතියට ගන්නකොට රිසර්ව් එකක් මේන්ටේන් කරන්න ඕනෙ 10%ක. ඒ කියන්නෙ අතිරේක 280ක් තියෙන්න ඕනෙ මොනවාහරි දෙයක් වුණොත් ඕනෙ වෙලාවක ගන්න.

ඒ වෙලාවේ නොරොච්චෝලේ බලාගාරයෙන් 180 ඒවා තුනක් තමයි ගත්තේ. සාමාන්‍යයෙන් එක ජනන යන්ත්‍රයකින් 300ක් දෙනවා. ඒ 300න් 30ක් අඩුවෙලා 270ක් සිස්ටම් එකට දෙනවා. හැබැයි සෙනසුරාදා ඉරිදා දහවල් කාලය වෙනකොට 180ක් ගාණෙ තමයි සාමාන්‍යයෙන් පද්ධතියට එකතු කරගන්නෙ.

ජනප්‍රිය පුවත්  අධිකරණ තීන්දුවෙන් පසු 22 සංශෝධනය සම්මත කරනවා – ජනාධිපති අනුර දිසානායක

එදා ඇත්තටම වුණේ, යුනිට් 1 එකේ ඒ වෙලාවේ 178ක් තමයි ජනනය වෙමින් තිබුණේ, ඒක එකපාරටම 05කට අඩුවුණා. මොකද, යුනිට් 1 එකේ ක්‍රෑෂ් එකක් වෙනවා, ඒ ක්‍රෑෂ් එකට ප්‍රධානම හේතුව තමයි, මේකෙ නඩත්තු කටයුතු යන ක්‍රමවේදයක් තියෙනවා, මේ නොරොච්චෝලේ බලාගාරයේ අනිවාර්යය නඩත්තු කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔය ඩ්‍රම් එකේ තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. ඩ්‍රම් එක කියන්නෙ ගල් අඟුරු දහනය කරලා, ජලය වාෂ්ප කරලා තමයි උඩට යන්නේ. ස්ටීම් ගිහිල්ලා ඩ්‍රම් එකේ ප්‍රශ්නයක් උඩ තමයි මේක ඇතිවෙන්නේ. ඩ්‍රම් එකේ ප්‍රාශ්නෙත් එක්ක ඩයෆ්‍රම් එක කියලා තියෙනවා, ඒකෙන් තමයි ප්‍රෙෂර් එක ඇතිවෙන්නෙ. අර ගෙදර තියෙන ප්‍රෙෂර් කුකර් එකේ වාෂ්ප යන්නෙ, අන්න ඒ වගේ. මේකෙ ප්‍රෙෂර් එක වැඩිවෙලා ඩයෆ්‍රම් එක එකපාරටම පුපුරා යනවා. එහෙම තමයි හදලා තියෙන්නෙ. ඒකත් එක්ක තමයි නොරොච්චෝලේ බලාගාරයේ 810ම විනාඩි 20ක් යනකොට නැතිවෙනවා. පළවෙනි ක්‍රෑෂ් එකේදී 180ක් 05ට අඩුවෙනවා, විනාඩි 20ක් යද්දී සම්පූර්නයෙන්ම මේක ක්‍රෑෂ් වෙලා යනවා.

මේකට හේතුව තමයි බාල ගල් අඟුරු එනකොට, මේගොල්ලොන්ට දවස ගාණෙ රෙපෙයාර්ස් ආවා. එකක් තමයි අළු අයින් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. එතකොට එදිනෙදා කරන මේන්ටේනනස් ටික කළේ නෑ. බාල ගල් අඟුරු නිසා ඇතිවෙන ටික විතරයි මේගොල්ලො කළේ, එදිනෙදා මේන්ටේනන්ස් ටික කළේ නෑ. මේ බාල ගල් අඟුරු දහනය වුණා ගිය මාසෙ 15 වෙනිදා වෙනකල්. ඒක තමයි මම කිව්වේ, අර විදුලි කප්පාදු එනවා කියන්න හේතුව තමයි, එකපාරටම මේ නොරොච්චෝලේ ක්‍රෑශ් වුණොත් මෙගාවොට් 810ක්. මේ ආණ්ඩුව ඉක්මනින්ම කරපු වැඩේ විදුලිය කපපු එක. නිව්ස් එක යන්න කලින් කපලාත් ඉවරයි.

ජනප්‍රිය පුවත්  6 පොතේ බඩී වරද කඩදාසි ගෙනා මුදලාලිගේ… එන්න තියන තීන්දුව කලින්ම!

මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අර අතිරේක 280 තිබුණා නම් මුල් 180 ක්‍රෑෂ් වෙනවකොටම, එතනින් අඩුවෙන 175 දෙන්න මේ 280 පාවිච්චි කරන්න තිබුණා. නමුත් මේ 280 රිසර්ව් එක තිබිලා නෑ.

ඔය ඩයෆ්‍රම් එක රිප්ලේස් කරන්න නම් මේකෙ සම්පූර්ණ සිස්ටම් එක කූල් ඩවුන් වෙන්න ඕනෙ. මේකට අඩුම දවස් 5 – 7 අතර යනවා. හැබැයි මේ ගල් අඟුරු වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න ගියාම එක දවසට රුපියල් බිලියන 1.3ක් යනවා. ඉතින් ඩීසල් බලාගාරවලට හරි සතුටුයි. සාමාන්‍යයෙන් දවස් 5ක් විතර යනකොට කීයක් එකතු වෙනවද ?”

ඩී. වී. චානක මේ බව පැවසුවේ ඊයේ (19) හිරු නාලිකාවේ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x