October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආදායම් බදු වාර්තා ලක්ෂ 12න් භාරදී ඇත්තේ ලක්ෂයයි

1 min read

2025/26 තක්සේරු වර්ෂයට අදාළව තනි පුද්ගල ආදායම් බදු වාර්තා භාරදිය යුතු ලක්ෂ 12ක පිරිසෙන් තවමත් වාර්තා භාරදී ඇත්තේ ලක්ෂයක පිරිසක් පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ජේ.එම්.එස්.එස්. රත්නවර්ධන පැවැසුවේය.

2025/2026 තක්සේරු වර්ෂයේ තනි පුද්ගල ආදායම් බදු වාර්තා භාරදීමේ අවසාන දිනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

බදු ගෙවන පුද්ගලයන් ලක්ෂ 12 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී සිටින බවත්, ඔවුන් සියලු දෙනාම ලබන නොවැම්බර් 30 වැනිදා වනවිට සිය ආදායම් බදු වාර්තාව මාර්ගගත ක්‍රමයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇතුළත් කළයුතු බවත් ඔහු පැවැසීය.

මෙම මාර්ගගත පහසුකම ඉකුත් ජූලි මස පළමුවැනිදා සිටම විවෘත කර තිබෙන බව ද ඔහු කීවේය.

ඉදිරි මාස එකහමාර තුළ කඩිනමින් වාර්තාව භාරදෙන ලෙස වාර්තාව භාර නොදුන් ලක්ෂ 11 ක පිරිසගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවැසුවේය.

මෙහිදී, වැටුපෙන් රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන, බැංකු පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන සියලු දෙනාම මෙම වාර්තාව භාරදීමට කටයුතු කළයුතු බවද ඔහු කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  මිය යාමට දින දෙකකට කලින් සී.ඩී. කතරගම ගිහින්

අදාළ වාර්තාව එදිනට එසේ භාර නොදුනහොත් රුපියල් ලක්ෂ හතර නොඉක්මන දඩයක් පැනවීමේ හැකියාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට පවතින බවත්, නැතහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවද පවතින බවත් ඔහු පැවැසීය. මෙහිදී මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වැරැදිකරු ලෙස නම්කළහොත් මාස හයක් නොඉක්මන සිර දඬුවමක් සහ දඩය යන කාරණා දෙකම නියම කෙරෙන බවද ඔහු කියා සිටියේය. එසේ නොමැතිනම් ඇස්තමේන්තු තක්සේරුවක් නිකුත් කිරීමට සිදුවන බවද ඔහු පැවැසුවේය.

අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැනුවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔහු පැවැසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ආචාර්ය නදී දිසානායක මෙහිදී කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ “1944“ ක්ෂණික දුරකථන අංකයෙන්ද විස්තර දැන ගැනීමට හැකියාව පවතින බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පවසා සිටියේ දැනට ලියාපදිංචිවී සිටින සියලුම තනි පුද්ගල බදු ගෙවන්නන් අදාළ වාර්තාව ලබාදිය යුතු බවත්, මෙම වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඇතුළත් කළයුතු බවය.

ජනප්‍රිය පුවත්  ඇමරිකානු බන්ධනාගාරයේ පසුවන වෙනෙසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x