July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිය යාමට දින දෙකකට කලින් සී.ඩී. කතරගම ගිහින්

1 min read

හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මිය යාමට දින දෙකකට පෙර රුහුණු මහා කතරගම දේවාලයද වැඳපුදාගෙන ඇත. හිටපු පොලිස්පතිවරයා පසුගිය 14 වැනිදා සිය හිතවතකු සමගින් කතරගමට පැමිණ ඇති අතර එදින කතරගම පිහිටි පොලිස් නිවාඩු නිකේතනයේදී ආහාර ද ලබාගෙන ඇත.

මෙම නිවාඩු නිකේතනයේ ස්ථානාධිපතිවරයා විසින් හිටපු පොලිස්පතිවරයාගේ පැමිණීම ගැන කතරගම පුදබිමේ විශේෂ ආරක්ෂක රාජකාරියේ නිරත සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දුට පවසා ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඒ පිළිබඳ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහට ද පවසා ඇත.

එම නිලධාරීන් දෙදෙනාම පොලිස්පතිවරයා කතරගම පුදබිමේ සොයා ඇතත් පොලිස්පතිවරයා හමුවී නැත. දුරකථනයටද ප්‍රතිචාර දක්වා නැත.

නමුත් ලබාගත් දුරකථන ඇමතුමකට ප්‍රති ඇමතුමක් හිටපු පොලිස්පතිවරයාගෙන් ලැබී ඇත්තේ සහකාර පොලිස් අධීකාරී ප්‍රසාද් ප්‍රනාන්දුටය.

එහිදී හිටපු පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමා හදිසියේම කතරගමට පැමිණි බවත් කතරගම පෙරහර මංගල්‍ය අවසන් වීමට පෙර යළි කතරගමට පැමිණෙන බවත්ය.

සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා කතා බහ කළ ආකාරයෙන් ඔහු කිසිදු මානසික පීඩනයකින් හෝ කිසිදු ගැටලුවකින් නොසිටි බවය.

ජනප්‍රිය පුවත්  රනිල් පැමිණේ!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x