October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

1 min read

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

පාලකයන්ට රජකම හිමිවන්නේම බුද්ධ ශාසනයත් සම්බුද්ධ චීවරයත් ආරක්ෂා කරගැනීම උදෙසා බව පෙන්වා දෙන උන්වහන්සේ, වර්තමානයේ රට තුළ අසන්නට සහ දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව බලවත් සංවේගයක් උපදින බවද සඳහන් කළහ.

ආගමික වැඩසටහනක් අමතමින් නාහිමියන් මෙම අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්,

“අපේ සෙල්ලිපිවල සඳහන් වෙනවා නොබෝසත්තු – එනම් බෝසත් නොවන මිනිස්සු මේ රටේ රාජ්‍යයට පත් නොවිය යුතුයි කියලා. මේ රට පාලනය කළ යුත්තේ බෝසත් සිතුම් පැතුම් ඇති අයයි. ඒ උතුම් චීවරය ආරක්ෂා කරන්නට තමයි රජකම ලැබෙන්නේ. එහෙත් වර්තමානය වන විට අපට අහන්න, දකින්න ලැබෙන විවිධ සිදුවීම් හේතුවෙන් මහත් සංවේගයක් හටගන්නවා,” යනුවෙන් ප්‍රකාශ කර සිටියහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x