October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

1 min read

පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය පාලන ඒකකයට ලද තොරතුරක් මත පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු තිල්ලඩිය ප්‍රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු බවය.

ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් වේ.

පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය අද (19) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන සිදුකරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x