ගමකට ඔත්තුකරුවන් 2 බැගින්!
1 min read
පොලීසියේ බුද්ධි අංශ සඳහා වෙන් වන රහස්‍ය ගිණුම් පාවිච්චි කර ගනිමින්, සෑම ග්‍රාම සේවා වසමකටම තම පාක්ෂික ඔත්තුකරුවන් දෙදෙනෙකු බැගින් පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. ඒ මගින් සෑම ග්‍රාම සේවා වසමකම, විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම හා එය අඩපන කිරීමට අවශ්‍ය තොරතුරු එක් රැස් කර ගැනීම සිදුවන බව ජ.වි.පෙ. අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.
මෙම බුද්ධි අංශ ගිණුම් විගණනයට භාජනය නොවේ. එහි මුදල් පිරිනමා ඇත්තේ කවර පුද්ගලයකුට ද යන තොරතුරුම ඉතාම රහස්‍ය තොරතුරු බවට පත්වේ. පාර්ලිමේන්තුවටත්, එම මුදල් වියදම් කළ ආකාරය ප්‍රශ්න කර ලබා ගැනීමේ හැකියාවක් නොවේ.
මුදල් ඇමති වශයෙන් ජනාධිපතිවරයා එම බුද්ධි අංශ ගිණුමට වැඩි මුදලක් යොදවා ඒ මගින් මුළු රටම ආවරණය වන පරිදි මෙම ඔත්තුකරුවන් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
මෙය, ඉදිරි මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවිරෝධී හා මර්දනකාරී ක්‍රියාකාරීත්වය බලගැන්වීම අරමුණු කෙටගෙන ක්‍රියාත්මක වන්නක් වී තිබේ.
