October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

1 min read

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

2026 වසරේ මුල් මාස අට තුළ අග්නිදිග ආසියාවෙන් දුම්රිය මාර්ගය ඔස්සේ ආනයනය කළ නිවර්තන පලතුරුවල වටිනාකම යුවාන් බිලියන 5.26ක් වූ අතර, එම කාලය තුළ යන්ත්‍රෝපකරණ හා විදුලි උපකරණ අපනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් පෙන්වමින් යුවාන් බිලියන 7.42 දක්වා ඉහළ ගොස් ඇත.

අග්නිදිග ආසියාවේ එකම ගොඩබිමෙන් වටවූ (landlocked) රට වන ලාඕසය, මීට පෙර සිය ආනයන හා අපනයන සඳහා අසල්වැසි රටවල වරායන් මත යැපීම හේතුවෙන් ඉහළ ප්‍රවාහන පිරිවැයකට සහ භාණ්ඩ නරක් වීමේ අවදානමකට මුහුණ දී සිටියේය.

කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද කිලෝමීටර් 1,035ක් දිගැති මෙම දුම්රිය මාර්ගයත් සමඟ ලාඕසයේ වියෙන්ටියාන් අගනුවර සිට චීනයේ කුන්මිං දක්වා ගමන් කාලය පැය 9යි මිනිත්තු 36ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම දූරියන් වැනි පලතුරු ප්‍රවාහනයේදී නරක් වීමේ ප්‍රතිශතය සියයට 20 සිට සියයට 5 දක්වා පහත වැටී ඇත.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 වංචාවේ සල්ලි ආයෙ හොයාගන්න හැකියාවක් නැහැ…!

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) පෙන්වා දෙන පරිදි ගොඩබිමෙන් වටවූ රටවල වෙළෙඳ පිරිවැය අනෙක් රටවලට වඩා සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා නමුත්, මෙම දුම්රිය මාර්ගය හරහා ලාඕසය මේ වන විට “ගොඩබිම් ප්‍රවාහන ජාල ඔස්සේ සම්බන්ධ වූ රටක්” (land-linked) බවට පරිවර්තනය වෙමින් පවතී.

ඉදිරියේදී මෙම දුම්රිය ජාලය තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ සිංගප්පූරුව දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත අතර, මෙය මුහුදු මාර්ග මත පමණක් පදනම් වූ ගෝලීය වෙළෙඳ රටාව වෙනස් කරමින් කලාපීය සංවර්ධනයට නව පණක් ලබා දී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x