අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. – ජනපති ඉබ්බාගමුවේදී පවසයි
1 min read
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (11) ඉබ්බාගමුවේ පැවැත්වෙන මහජන රැළිය අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය.
“ඉදිරියේදී අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් අපිට ඉන්දියානු රජයෙන් ලැබෙනවා. අපේ දිට්වා ආපු වෙලාවේදී අපිට ඩොලර් මිලියන 100ක ආධාරයක් දුන්නා. අපිට තාවකාලික පාලම් විශාල ප්‍රමාණයක් ගෙනැත් දුන්නා. තව පාලම් හදන්න ණය ආධාරයක් දුන්නා. ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට ඒ විදේශ ඇමැතිතුමා ලංකාවට ආවා. ඇවිල්ලා සාකච්ඡා කළා. අපි ශක්තිමත් සබඳතාවක්.
අපි ජපානයට ගියා. ජපානයට ගියපු වෙලාවේදි අපි කිව්වා අපේ රටේ පහසුකම් සහිත බස් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා අපිට බස් ටිකක් ලබා දෙන්න කිව්වා. දෙන්ඩ එකඟ වුණා. දැන් ලබාදීලා තිබෙනවා. අපි චීනෙට ගියා. ඒගොල්ලෙන්ට කිව්වා විදුලියෙන් දුවන බස් රථ 100ක් දෙන්න කියලා. චීන රජය එකඟතාව පලකරලා තියෙනවා.
අපි සෑම රටක් එක්කම ඉතාමත් සමබර විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි කාත් එක්කවත් ගහගන්න යන්නේ නෑ. අපි දන්නවා අපේ ප්‍රමාණය. අපි යුද්ධ ඇති වෙනකොට අපි කිසි කඳවුරක් බදා ගන්න යන්නේ නෑ. අපි දන්නවා අපේ විදෙස් ප්‍රතිපත්තිය.’’
