හැම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවනවා.. – ජනාධිපති
1 min read
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
හොරකම සහ නාස්තිය නැවැත්වීම තම රජයේ ප්‍රධාන අරමුණක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (11) නිකවැරටියේදී පැවති ජන රැළියක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කෙළ්ය.
“අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තියෙන්නේ කොළඹ විතරයි. අපි දැන් බජට් එකෙන් අයවැය ලේඛණයෙන් සල්ලි පාස් කරනවා. කොළඹ විතරක් නෙමෙයි හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමෂන් සභාවක් පිහිටවනවා. නිලධාරීන් 900කට වඩා වැඩි ප්‍රමාණයක් බදවා ගන්න අවසර දුන්නා.”
