October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජකාරියට යමින් සිටි ගුවන් හමුදා නිළධාරියා යතුරපැදි අනතුරකින් මරුට

1 min read

දියතලාව – රංජල්ලාව මාර්ගයේ විහාස්ථානයට නුදුරු ස්ථානයකදී අද අළුයම සිදුවූ යතුරුපැදි අනතුරකින් ගුවන් හමුදා නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 36 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකි.

ඔහු සිය යතුරුපැදියෙන් අළුයම 1.20 පමණ කුලී නිවසේ සිට ගුවන් හමුදා කදවුරේ රාජකාරියට යමින් සිටියදි කොන්ක්‍රීට් කානුවකට වැටී මෙම අනතුර සිදුව ඇත.

වැටී තිබුණ යතුරු පැදියේ සංඥා ලාම්පු දැල්වී තිබෙනු අදුරේම දුටු අසල්වැසි කාන්තාවක් විසින් මේ බව පොලිසියට දැනුම් දුන් බව පොලිසිය පැවසීය.

මෙම නිලධාරියාගේ කිසිම තුවාලයක් දක්නට නොලැබුන අතර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පශ්චාත් මරණ පරික්ෂණයකට යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x