October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක්

1 min read

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙක්සිකෝවේ පැවැති ‘දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු අභියෝග සහ පරිවර්ථනයන්’ යන තේමාව යටතේ සංවිධානය කළ ‘UNAM–IPSA RC08’ යන ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගී වෙමින් මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුන් සහ පාර්ලිමේන්තු පර්යේෂකයින් සමග සිය පර්යේෂණය ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ ආරාධනය මත ලතින් අමෙරිකාවේ විශාලතම විශ්වවිද්‍යාල අතරින් එකක් වන මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ පැවති මෙම වැඩමුළුව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයෙකු වශයෙන් ඒ මහතා එක්ව තිබේ.

‘විධායකයේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථාදායක සීමාවන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නීති සම්පාදනයේ පරිවර්ථනය’ යන මැයෙන් වූ ඔහුගේ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 06 වැනි දින පැවැති ‘නියෝජනය සහ විධායක බලය’ යන සැසියේදී ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තු නීති සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි විධායකයේ බලපෑම, ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වයට පවතින ආයතනික සීමාවන් සහ පාර්ලිමේන්තු වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එම පර්යේෂණය මගින් විමර්ශනය කෙරිණි.

ජනප්‍රිය පුවත්  හිටපු ජනාධිපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙක්ට සිරසේ පුද්ගලයෙක් පහරදෙයි…!

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙන්සි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉරීනා ක්මෙල්කෝ, එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමා කෘ, මෙක්සිකෝවේ UNAM විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙම්වීර්ග් පුවෙන්ට් මාර්ටිනෙස් යන ජාත්‍යන්තර විද්වතුන් සමග එක්වූ චමින්ද කුලරත්න මහතා මෙම වැඩමුළුවේ ආරාධිත දේශකයෙකු වශයෙන් සහභාගී විය.

මෙහිදී ලොව ප්‍රමුඛතම දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකත්වයද චමින්ද කුලරත්න මහතා වෙත පිරිනමන ලදි.

කුලරත්න මහතාගේ මෙක්සිකෝ සංචාරයේදී ලතින් අමෙරිකානු ප්‍රධාන ව්‍යවස්ථාදායක ආයතනයක් වන මෙක්සිකෝ කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන මණ්ඩල දෙකෙහිම සිදුකළ නිල හමුවීම් සුවිශේෂී අවස්ථාවක් වී තිබේ.

පසුගිය 7 වැනිදා මෙක්සිකෝ කොංග්‍රසයේ දෙවන මණ්ඩලයේ සංචාරයක නිරත වූ ඒ මහතා මෙක්සිකෝ කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අල්ෆොන්සෝ රමිරෙස් සහ එහි මහ ලේකම් හියුගෝ රෝසාස් ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිතයින් සහ නිලධාරීන් රැසක්ද හමුව ඇත.

එමෙන්ම ඒ මහතා ඇතුළු ජාත්‍යන්තර විද්වත් නියෝජිත පිරිසට මෙක්සිකෝ පාර්ලිමේන්තුවෙන් විශේෂ පිළිගැනීමක්ද හිමිව ඇති අතර පාර්ලිමේන්තු රැස්වීමක් පැවැතියදි නියෝජිත පිරිස සභා ගර්භයට කැඳවා මෙක්සිකෝ කොංග්‍රසයේ සභාපතිවරයා විසින් සභාව තුළදීම නිල වශයෙන් ඔවුන් පිළිගෙන පිරිස පැමිණීමද අගය කර තිබේ.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්

තවද මෙක්සිකෝ කොංග්‍රසයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවී නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තු පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසී ඇත.

චමින්ද කුලරත්න මහතා පැවසුවේ විදේශීය රටකදී පාර්ලිමේන්තු සභාවාරයක් අතරතුරදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළට කැඳවා මෙවැනි නිල පිළිගැනීමක් ලැබීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ලැබූ සුවිශේෂී අවස්ථාවක් වන බවය.

එමෙන්ම පසුගිය 08 වැනි දින මෙක්සිකෝ කොංග්‍රසයේ ඉහළ මණ්ඩලය වන සෙනෙට් සභාවේ සංචාරයකද නිරත වූ කුලරත්න මහතා එහි පාර්ලිමේන්තු මහ ලේකම් ආචාර්ය අර්තුරෝ ගාරිටා මහතාද හමුවිය.

එහිදී ඒ මහතා පාර්ලිමේන්තු පරිපාලනය, නීති සම්පාදන ක්‍රියාපටිපාටිය සහ සංසන්දනාත්මක පාර්ලිමේන්තු භාවිතයන් පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x