සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..
1 min read
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
මෙම අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා නොදීම් පිළිබඳව ද ඒ මහතා මෙහිදී කරුණු රැසක් හෙළිකර සිටියේය.
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකරීම මගින් ඇප ලබාදීමට නොහැකි තත්ත්යක් නිර්මාණය වන බවත්, පළමු සැකකරුවා ඇප මත එළියට එද්දී දෙවැනි සැකකරු පොදුදේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ගෙන ඇප ලබාදීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී යම් යම් අනාවරණය කිරීම් රැසක් සිදුකරයි.
යුද්ධයේදී හමුදාව රසායනික අවි භාවිත කළ බවට අසත්‍ය කියූ එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ දැන් විහාරමහා දේවි බවට පත්ව ඇති බවත්, පසුගිය කාලයේ ඇයට ජීවිත තර්ජන තිබෙන බව පවසා ඇති බවත්, එසේ නම් ඇයව භාරදිය යුතු ස්ථානය සම්බන්ධයෙන්ද විමල් වීරවංශ මහතා මෙහිදී සඳහනක් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
