October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. – අර්ච්චුනා

1 min read

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන් සිරගත කිරීම පිළිබඳව ඩයස්පෝරාව සතුටු වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා, තවමත් ඉතිරිව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වහාම අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

මෙලෙස කටයුතු කළහොත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතේ ඡන්ද ලබාගැනීමට ආණ්ඩුවට පහසු වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙය රජය විසින් සිදුකරන දේශපාලන දඩයමක් සහ දෙපිටරට්ටු (Double game) ක්‍රියාවක් බවත්, පුද්ගලිකව තමන් මෙවැනි ක්‍රියා අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

උතුරු පළාතේ සිදුව ඇති සැබෑ දූෂණ හා වංචා පිළිබඳ විගණන වාර්තා කිහිපයක්ම බලධාරීන්ට භාරදී තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටින බවට ද අර්චුනා රාමනාදන් මහතා චෝදනා කළේය.

ජනප්‍රිය පුවත්  නව බදු සංශෝධන යටතේ බදු වැරදිවලට සිර දඬුවම් සහ දඩ

විශේෂයෙන්ම උතුරේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා යැයි පවසමින් පැය කිහිපයකට රුපියල් මිලියන 14ක් වැනි අධික මුදලක් වියදම් කර ඇති නමුත්, අනෙක් පසින් විශාල වශයෙන් බාර් බලපත්‍ර බෙදාහරිමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා බාර් බලපත්‍ර ලබාගත් බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළ ද, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවූ ක්‍රියාදාමයන් හෙළිවේ යැයි පවතින බිය නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි උපක්‍රම හරහා ජනතාව මුළා කිරීමට ආණ්ඩුව උත්සාහ කළද, මහජනතාව මේ වන විට සිදුවන සියලු තත්ත්වයන් ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x