October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අත්‍යවශ්‍ය ඖෂධ 133ක හිඟයක් – රාජිත සේනාරත්න

1 min read

වෛද්‍ය සැපැයුම් අංශයේ නවතම දත්ත අනුව මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 133ක හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඊයේ (07) අනාවරණය කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618ක් ඇති බවත්, ඉන් 133ක් එනම් සියයට 21.5ක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවත්, කොළඹ ඊයේ (07) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න පැවැසීය. ඔහු පෙන්වා දුන්නේ මෙම දත්ත අනුව අත්‍යවශ්‍ය සෑම ඖෂධ පහකටම එක් ඖෂධයක් වර්තමානයේ රට තුළ නොමැති බවයි.

එම දත්තවලට අනුව ජීවිතාරක්ෂක ඖෂධ 13න් එකක්, ශල්‍යකර්මවලදී අවශ්‍ය වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 3200න් 2132ක් මෙන්ම ශල්‍යකර්ම උපකරණ 4100න් 3625ක හිඟයක් මේ වන විට පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

කවුරු කුමන කතා කිව්වද, “තුවාල සඳහා බෙහෙත් දැමීමට එන රෝගීන් ඊට අවශ්‍ය බැන්ඩේජ් හා ප්ලාස්ටර් රැගෙන එන්න.” යනුවෙන් සහ ශල්‍යකර්මවලදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යවල හිඟ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ දැන්වීම් පවා ප්‍රදර්ශනය කර තිබෙන බවද රාජිත සේනාරත්න අවධාරණය කළේය.

ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුණු ආකාරයට රෝහලේ ඖෂධ 42ක සහ ශල්‍ය උපකරණ 61ක හිඟයක් පවතින බවත්, මේ වන විට අදාළ වෙබ් අඩවිය අවහිර කර ඇති බවත් ඔහු කීය.

ජනප්‍රිය පුවත්  සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

වර්තමානයේ පවතින ප්‍රතිපත්තිය තුළ හොඳ වර්ගයේ සියලු ඖෂධ වෙළෙඳපළෙන් ඉවත්වෙමින් පවතින බවත්, ඉතිහාසයේ කවරදාවත් නොදුටු අන්දමට රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික අංශයේ රෝහල්වල පවා දැවැන්ත ඖෂධ හිඟයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x