October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු යුද නෞකාවක් කොළඹට සේන්දු වෙයි

1 min read

අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (7) කොළඹ වරායට පැමිණියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබීය.

‘Littoral Combat’ වර්ගයට අයත් මෙම නෞකාව දිගින් මීටර් 127.7ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් BM Wanier කටයුතු කරයි.

2019 වර්ෂයේ පෙබරවාරි මස 16 වැනිදා අධිකාරියට පත් මෙම ‘USS TULSA (LCS 16)’ නෞකාව, එතැන් සිට අමෙරිකානු නාවික හමුදාවේ සේවය සඳහා එක්ව ඇත.

මෙම නෞකාව මීට පෙරද ඉකුත් වසරේ අගෝස්තු මස 27 වැනිදා මෙරටට පැමිණ තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x