October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

1 min read

මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC, සයිනොපෙක්, ෂෙල් යනාදී පෞද්ගලික සමාගම්වල ඔවුන් කැමති මිලකට ඉන්ධන අලෙවි කිරීමට බාධාවක් නොමැති බවත් රජය මේ මිලට ඉන්ධන විකුණන්නනැයි ඔවුන්ට ලිඛිතව දැනුම් දී නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

“මම දැක්කා සමාජ මාධ්‍යවල සහ සමහර මාධ්‍යවල පළකරලා තිබුණා තෙල් සමාගම්වලට පාඩුයි, ඒ හින්දා තෙල් මිල වැඩිකරන්න යනවා කියලා. ඔය කලබැගෑනිය ඇතුළේ ජනතාව වැරදියට අවබෝධ කරගෙන තෙල් පෝලිම්වලට ගියපු එකක් තමයි දකින්න තියෙන්නෙ. ජනතාවට අපි ආයාචනය කරන්නෙ කලබල වෙලා නිකම් පෝලිම්වල යන්න එපා. අනෙකුත් සමාගම්වල පිරවුම්හල්වල තෙල් අඩුයි නම්, පෝලිමක් තියෙනවා නම් කරන්න තියෙන්නෙ ළඟම තියෙන සිපෙට්කෝ පිරවුම්හලට යන්න. ඒ පිරවුම්හලේ තෙල් තියෙනවා”

“තෙල් සංචිතවල කිසි ගැටලුවක් නෑ. තෙල් සංස්ථාවට මේක කළමනාකරණය කරගන්න පුළුවන් නම් අනෙක් සමාගම්වලට ඒක කළමනාකරණය කරගැනීමට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම වගකීමෙන් කියන්නේ මේ මිලට අපට මේ මාසයේ සම්පූර්ණයෙන්ම තෙල් දෙන්න පුළුවන්”

“මේ ගිවිසුම්වල එක තැනක තියෙනවා රජය කිව්වොතින් මේ මිලට විකුණන්න කියලා, ඒ මිලට විකුණලා ඒ සමාගම්වලට පාඩුවක් වුණෝතින් ඒ පාඩුව රජය විසින් ගෙවන්න ඕනෙ කියලා. හැබැයි රජය මේ සමාගම්වලට ලිඛිතව දැනුම්දීලා නෑ මේ ගාණට විකුණන්න කියලා. නමුත් ඒගොල්ලො තෙල් සංස්ථාවේ ගාණ ෆලෝ කරලා විකුණනවා. එයාලාට කිසිම ගැටලුවක් නැහැ තමන් කැමති ගාණකට විකුණන්න. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ගත්තොතින් ඒගොල්ලො පසුගිය කාලෙ වැඩි මිලට වික්කේ. ඒ හින්දාම තමයි ඒගොල්ලොන්ගෙ මාකට් එක අඩුවුණේ ඇත්තටම. තියෙන එකම ගැටලුව තමයි තියෙන ෂෙඩ්ස් ටික අනෙක් සමාගම්වල ගිය හින්දා බෙදාහැරීමේ ජාලය අවහිර වෙලා. එහෙම නැතිව ඔය කියන හැටියට අපිට තෙල් සංස්ථාව හැටියට අපිට මේක දරාගන්නත් පුළුවන්, ජනතාවට මේ සහනය ලබාදෙන්නත් පුළුවන්”

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x